![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
පා රිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ, තොරතුරු අංශයේ අධ්යක්ෂ අසේල බණ්ඩාර සඳහන් කර ඇත්තේ වෙළදපොළට බිත්තර සැපයීම සීමා කිරීමක් හෝ තොග නිකුත් කිරීම සීමා කිරීමක් සිදු කරන්නේ නම් එම පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
හෙ ට (22) දිනයේ දී ප්‍රදේශ කිහිපයකට දහවල් 12 දක්වා අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ චර්චිල් ජලාශයේ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන්.
රුසියාවෙන් මිලදී ගන්නා ගෑස් සඳහා රූබල්වලින් ගෙවන ලෙස රුසියාව විසින් දැනුම් දී තිබෙනවා. අමෙරිකාව සහ යුරෝපය විසින් රුසියාවට සම්බාධක පැනවීමත් සමඟම රුසියන් ජනාධිපතිවරයා විසින් ගෑස් සඳහා රූබල්වලින් ගෙවිය යුතු බව සඳහන් කර සිටියා.
අඩු මිලට ශ්‍රී ලංකාවට තෙල් ලබා දීමට රුසියානු රජය තීරණය කර ඇති බව වාර්තා වනවා. ඒ සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.
කොළඹ 07, 08, 10, 12, 13, 14 සහ 15ට සෙනසුරාදා උදෑසන 08 සිට ජල සැපයුම අත් හිටුවන බව වාර්තා වනවා.