ලැබෙන තොරතුරුවලට අනුව, ප්‍රංශයේ අවුරුදු 143ක් පැරණි ඓතිහාසික ලිමෝජස් (Limoges) නගර සභා ගොඩනැගිල්ලට කලහකාරීන් විසින් ගිනි තබා ඇති අතර, එමගින් එහි වහලය ඇතුළු විශාල කොටසක් සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇත. මේ හේතුවෙන් හෙන්රි-පෝල් මොට් (Henri-Paul Motte) ගේ දුර්ලභ සිතුවම් සහ ජාන්-ජෝසෆ් වීර්ට්ස් (Jean-Joseph Weerts) ගේ අභ්‍යන්තර නිර්මාණ ඇතුළු මිල කළ නොහැකි කලාකෘති රැසක් විනාශ වී තිබේ. ප්‍රාන්ත ප්‍රධානී මොරිස් බාරට් (Maurice Barate) මෙය හඳුන්වා දුන්නේ සංස්කෘතික උරුමයන්ට සිදු වූ මහා ව්‍යසනයක් ලෙසයි.
මීට අමතරව, බෝර්ඩෝ (Bordeaux) හි පිහිටි ලුවී වුටන් (Louis Vuitton), ඇපල් (Apple) සහ ඩෙකැත්ලෝන් (Decathlon) වැනි ප්‍රකට වෙළඳසැල් මෙන්ම මාර්සේයි (Marseille) හි ඒර්මේස් (Hermès) බුටික් වෙළඳසැල ඇතුළු සිල්ලර අලෙවිසැල් දුසිම් ගණනක් කොල්ලකෑමට ලක්ව ඇත. මාර්සේයි නගරාධිපති කාර්යාලයේ දොරවල් කඩා ඇතුළු වූ පිරිස්, ප්‍රංශයේ ජාතික සංකේතයක් වන 'මරියාන්' (Marianne) පිළිරුව පෙරළා දමා, බිත්තිවල අරාජිකවාදී (Anarchist) සංකේත සටහන් කර තිබේ. ටූලුස් (Toulouse) නගරයේ ජෝන් ඕෆ් ආර්ක් (Joan of Arc) පිළිරුවට හිජාබයක් පලඳවා, පලස්තීන කොඩියක් ඒ අසල ප්‍රදර්ශනය කර තිබූ බව ද වාර්තා වේ.
අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ලෝරන්ට් නූනෙස් (Laurent Nunez) සඳහන් කළේ, පැරිස් නගරයේ පමණක් 110,000ක් ඇතුළුව රට පුරා විරෝධතාකරුවන් 550,000කට ආසන්න පිරිසක් වීදි බැස සිටින බවයි. සංවිධායකයින් පවසන්නේ මෙම සංඛ්‍යාව 800,000කට ආසන්න වන බවයි.
පැරිසියේ රුපබ්ලික් චතුරස්‍රය (Place de la République) සහ චැම්ප්ස්-එලිසීස් (Champs-Élysées) ආශ්‍රිතව මෝටර් රථ සහ වෙළඳසැල් ගිනි තැබූ අතර, පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළේය. මේ වන විට පුද්ගලයින් 400කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර විශේෂ ප්‍රභූ RAID ඒකක ද කැඳවා තිබේ.
මෙම කැලඹිලි සැබෑ ශිෂ්‍ය හෝ ජනතා විරෝධතා නොවන බවත්, ඒවා සමාජවාදී, කොමියුනිස්ට් සහ අන්තවාදී ඉස්ලාමීය සංවිධානවල අනුග්‍රහයෙන් සිදුවන බවත් දේශපාලන විචාරකයෝ පවසති. 'Breakthrough News' සහ 'The Party for Socialism and Liberation' වැනි සංවිධාන හරහා ෂැංහයි හි වෙසෙන ඇමරිකානු තාක්ෂණික කර්තෘ නෙවිල් රෝයි සිංහම් (Neville Roy Singham) නැමැත්තා විසින් අමෙරිකානු ඩොලර් මිලියන 278කට අධික මුදලක් පොම්ප කරමින් මෙවැනි අරාජිකත්වයන් මෙහෙයවන බවට චෝදනා එල්ල වී ඇත.
කොන්සර්වේටිව් දේශපාලනඥ මරීන් ලේ පෙන් (Marine Le Pen) චෝදනා කරන්නේ, පාලනයකින් තොරව සිදුවන සංක්‍රමණ සහ අන්තවාදී බලවේග එකතුවී ප්‍රංශයේ ජාතික අනන්‍යතාවය විනාශ කරමින් සිටින බවයි. 2027 ජනාධිපතිවරණයෙන් මරීන් ලෙ පෙන් ජයග්‍රහණය කළහොත්, ප්‍රංශයේ වෙසෙන මිලියන 6ක් වන මුස්ලිම් ජනගහනයෙන් 46%ක් පමණ රට හැර යාමට සිතන බවට ද අන්තර්ජාලය තුළ මතයක් පැතිර යයි. කෙසේ වෙතත්, එම මත විමසුමේ මූලාශ්‍රය තවමත් නිල වශයෙන් තහවුරු වී නොමැත.
ප්‍රංශ අගමැති සෙබාස්ටියන් ලෙකෝර්නු (Sébastien Lecornu) සඳහන් කළේ අන්තවාදී කණ්ඩායම් ඉදිරි ජනාධිපතිවරණයට පෙර රට අස්ථාවර කිරීමට මෙය මෙවලමක් කරගෙන ඇති බවයි.
ජනාධිපති එමානුවෙල් මැක්රොන් සිය නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, රාජ්‍ය දේපොළ සහ ව්‍යාපාර විනාශ කරමින් අරාජිකත්වයේ බීජ වපුරන සියලුම පුද්ගලයින් හඳුනාගෙන අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු කරන බවයි. මේ වන විට රට පුරා ආරක්ෂාව උපරිම මට්ටමින් තර කර ඇති අතර, ප්‍රංශයේ ලෞකික අගයන්, ජාතික අනන්‍යතාවය සහ බහුසංස්කෘතික සමාජය ආරක්ෂා කරගැනීම පිළිබඳව සමාජය තුළ දැඩි සංවාදයක් නිර්මාණය වී ඇත

