ගල් අඟුරු මිලදී ගැනීමේ ක්රියාවලිය ඇතුළු ඊට අදාළ කටයුතුවලදී සිදුවී ඇති බවට පැවසෙන අක්රමිකතා විමර්ශනය කිරීම පිණිස ස්ථාපිත කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය තවත් මාස 02 කින් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.
ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයකට අනුව, අදාළ කොමිසමේ කටයුතු ලබන දෙසැම්බර් මස 16 වැනිදා දක්වා ක්රියාත්මක වනු ඇත.

