චෙම්මණි සමූහ මිනීවළ ගැන අලුත්ම හෙළිදරව්ව: සිරුරු බෝවන රෝගයකින් මියගිය අයගේ විය හැකි බවට සැකයක්!


චෙම්මණි සමූහ මිනීවළෙන් හමු වූ සිරුරු බෝවන රෝගයකින් හෝ ස්වාභාවික විපතකින් මියගිය අයගේ විය හැකියි – මහාචාර්ය රාජ් සෝමදේවගේ අතුරු වාර්තාවෙන් හෙළිවෙයි

යාපනය චෙම්මණි සමූහ මිනීවළෙන් සොයාගත් මළසිරුරු නීති විරෝධී ඝාතනය කිරීම් නෙවෙයි, යම් බෝවන රෝගයක් හෝ ස්වාභාවික ආපදාවක් හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ විය හැකි බවට මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතුරු වාර්තාවක සඳහන් වන බව යාපනයේ පළවන 'උදයන්' පුවත්පත වාර්තා කර සිටියි.

අදාළ භූමියේ සිරුරු මිහිදන් කර ඇත්තේ ආගමික අවමංගල්‍ය චාරිත්‍ර ඉටු කරමින් බවට සාධක පවතින අතර, සිරුරු තැන්පත් කර ඇති ආකාරය යුද සමයේදී දක්නට ලැබෙන සාමාන්‍ය සමූහ මිනීවළවල්වල ස්වරූපයට වඩා වෙනස් බව පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ විශාලතම සමූහ මිනීවළ වන චෙම්මණි හි 2025 වසරේ ආරම්භ කළ කැණීම් මගින් මේ වන විට ඇටසැකිලි 580 කට අධික ප්‍රමාණයක් හමු වී තිබේ.

මෙලෙස හමු වූ ඇටසැකිලි අතර කුඩා ළමයින්ගේ සහ බිළිඳුන්ගේ කොටස් ද වන අතර, පාසල් බෑග්, කිරි බෝතල් ඇතුළු පුද්ගලික පාවිච්චියට ගත් භාණ්ඩ රැසක් ද එම ස්ථානයෙන් සොයාගෙන ඇත.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu