අනුරාධපුර පූජා භූමි සංවර්ධන කටයුතු ඉක්මනින්ම; ඉන්දීය ආධාර යටතේ රුපියල් බිලියන 7.7ක ව්‍යාපෘතියක්!

අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් වී තිබෙනවා.

එය පැවැත්වූයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ වැඩබලන නියෝජ්‍ය මහ කොමසාරිස් රෝෂිණී තොම්සන් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්.
ඉන්දීය අග්‍රාමාර්ථ නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයකදී අනුරාධපුර පූජා නගර සංවර්ධනය වෙනුවෙන් ලබාදීමට එකඟ වූ ආධාර යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සහ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව එක්ව සකස් කළ කෙටුම්පත් යෝජනාවලිය මේ වන විට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත යොමු කර ඇති අතර, මෙම සාකච්ඡාවේදී ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 7.7 කි. එම මූල්‍ය දායකත්වය සම්පූර්ණයෙන්ම ඉන්දීය රජය විසින් ලබාදෙන අතර, මේ වසර අවසන් වීමට පෙර ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතය.
මෙම සංවර්ධන වැඩසටහන යටතේ පූජා නගරයේ පෞරාණික හා ආගමික පසුබිම ආරක්ෂා කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම, කැළි කසළ බැහැර කිරීම විධිමත් කිරීම, සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සහ ගරා වැටී ඇති ස්ථාන යළි පිළිසකර කිරීම සිදු කෙරේ. මෙම අවස්ථාවට දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu