යාපනය තෙලිප්පලෙයි මූලික රෝහලේ රුපියල් මිලියන 196.6ක වියදමින් ඉදිකරන ලද නව සිව්මහල් වෛද්ය නිලධාරී නිවාස සංකීර්ණය සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් වෛද්ය කාර්ය මණ්ඩලය වෙත නිල වශයෙන් භාරදී තිබෙනවා.
උතුරු පළාත් සභාවේ මූල්ය ප්රතිපාදන යටතේ ඉදිකෙරුණු මෙමඟින් වෛද්යවරුන් 22 දෙනෙකුට නේවාසික පහසුකම් සැලසෙන අතර, රෝහලේ සෞඛ්ය සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙහි අරමුණයි.
මේ අතර රෝහලේ ඉදිකරමින් පවතින නව වාට්ටු සංකීර්ණයේ සහ රසායනාගාර අංශවල ප්රගතියද අමාත්යවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා.
උතුරු පළාතේ සෞඛ්ය සේවා පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා රෝහල් යටිතල පහසුකම් සංවර්ධනය කරමින්, අවශ්ය මානව සහ භෞතික සම්පත් සපුරාලීමේ විශේෂ වැඩසටහන් රැසක් මේ වන විට ක්රියාත්මක කරමින් පවතිනවා. ප්රදේශයේ ජනතාවට තම ප්රදේශය තුළදීම වඩාත් ගුණාත්මක, කාර්යක්ෂම සහ අඛණ්ඩ සෞඛ්ය සේවාවක් ලබාගැනීමට අවශ්ය පසුබිම තවදුරටත් ශක්තිමත් කිරීම එහි අරමුණ වනවා

