අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟ දරුණු වෙයි

මහවැලි ගංඟාවේ ඉහළ ධාරා ප්රදේශයට පසුගිය පැය කිහිපය තුළ ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ගගේ ඉහළ කෝරලය, උඩපළාත, දොළුව, උඩුනුවර, යටිනුවර, ගඟවටකෝරලය, හාරිස්පත්තුව, පාතදුම්බර ප්රදේශීය ලේකම් කොට්ඨාශයේ මහවැලි ගඟ අවට පහත් බිම් ප්රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම ප්රදේශවල ජනතාවගෙන් හා ඒ හරහා වැටී ඇති මාර්ග භාවිතා කරන රියදුරන්ගෙන් මේ පිළිබඳ දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. එසේම එම ප්රදේශවල මහවැලි ගඟට ආසන්නව පදිංචි මහජනතාවගෙන් ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂාවීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ. මේ සම්බන්ධව අවශ්ය පියවර ගන්න ලෙස ආපදා කළමනාකරණ අංශවලින් ඉල්ලා සිටිනු ලැබේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu