IMF ණය දෙන්න තවත් කොන්දේසියක් - මාලදිවයිනෙන් ලංකාවට අභියෝගයක්

ශ්‍රී ලංකාවට ණය සැපයීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තවත් කොන්දේසියක් ඉදිරිපත් කර ඇති බව තානාපති අංශ ආරංචි මාර්ග සඳහන් කරනවා. 

චීනය විසින් ඉදිකරන ලද පෝට්සිටි ව්‍යාපෘතියේ මුදල් ආයෝජනය කරන ආයෝජකයන් දිරිගැන්වීම සඳහා දැනට පිරිනමා ඇති සියලු‍ බදු සහන අහෝසි කරන ලෙස එම කොන්දේසියේ සඳහන්. එසේ බදු සහන අහෝසි කිරීමට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ බදු සහන පිරිනැමීමෙන් රජය අපේක්ෂා කරන වාර්ෂික මූල්‍ය ඉලක්ක සපුරාගත නොහැකි වීමයි. 

ඒ අනුව පෝට්සිටි ව්‍යාපෘතියේ ආයෝජකයින්ට දැනට ලබා දෙන තීරු බදු සහ රේගු බදු සහන ඉවත් කිරීමට සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ. 

ශ්‍රී ලංකාව කෙරෙහි මෙලෙස බලපෑම් ඇතිවන අතර තුර ශ්‍රී ලංකාවේ ඉදිවන පෝට්සිටි ව්‍යාපෘතියට තරඟකයක් ලෙස  මාලදිවයිනේ මේ ආකාරයෙන්ම වූ දැවැන්ත ආයෝජන  ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඒ කටාර් රාජ්‍ය අනුග්‍රහයෙන්. 

මේ ව්‍යාපෘතිය සියලු බදු සහන සහිතව ක්‍රියාත්මක වන අතර මේ සඳහා කටාර් රාජ්‍යය විසින් ඇමෙරිකානු ඩොලර් කෝටි 800 ක් ආයෝජනය කරන බවයි වාර්තා වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu