ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

සුගිය වසරේ සැප්තැම්බර් මස 26 වන දින ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධූරයේ වැඩ භාරගත් ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා. 

වසර 40 ක පමණ බලශක්ති ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති ඒ මහතා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු- ජනන සැලසුම් මෙන්ම තවත් තනතුරු කිහිපයක්ද දරා තිබුණා. 2004 සිට 2008 දක්වා ඔහු ජාතික බලශක්ති ප්‍රතිපත්ති කමිටුව ද නියෝජනය කලා. 

දේශපාලන අධිකාරිය විසින් සිදුකරන අනවශ්‍ය මැදිහත්වීම් සහ මහජන උපයෝගීතාව කොමිෂන් සභාවේ පිරිවැයට සරිලන විදුලි ගාස්තු ක්‍රමය ඔහුගේ මෙම ඉල්ලා අස්වීමට හේතු වී ඇති බවයි වාර්තා සඳහන් කරන්නේ. 

මේ වන විටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දැනුම් දීම මත විදුලි ගාස්තුව 30% ක් ඉක්මවූ ප්‍රතිශතයකින් ඉහළ දැමීමට වූ යෝජනාව විදුලි බල මණ්ඩලය විසින් සකස් කර ඇති අතර එම යෝජනාව මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමත කල යුතු වනවා. ඉන් අනතුරුව එය ක්‍රියාවට නැංවීමටයි නියමිතව ඇත්තේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu