gossiplanka alexa නිතීඥවරු මල්වතු මහනායක හිමි බැහැදකී, යෝජනා 13ක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිතීඥවරු මල්වතු මහනායක හිමි බැහැදකී, යෝජනා 13ක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඊයේ (03) මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැකීමට ගොස් තිබෙනවා. ඒ රටෙහි අප්වතින අර්බුදවලින් රට ගොඩ ගැනීම සඳහා සකස් කළ යෝජනාවලියක් උන්වහන්සේ වෙත භාර දීමටයි. 

මෙය යෝජනා 13කින් සමන්විත වනවා.  20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන අහෝසි කර 19 වැනි සංශෝධනය ප්‍රතිෂ්ඨාපනය කරමින් රජය වහාම 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දිය යුතු බව නීතීඥ සංගමයේ යෝජනා අතරවනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය බලාත්මක කිරීමෙන් පසු අමාත්‍යාංශ සඳහා සියලුම ලේකම්වරුන් පත් කළ යුතු අතර අධිකරණ සේවා කොමිෂන් සභාව හැර අනෙකුත් සියලුම ස්වාධීන කොමිෂන් සභා නැවත ස්ථාපිත කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය යෝජනා කරනවා. 

එසේම ජනාධිපතිවරයා කිසිදු අමාත්‍යාංශයක් නොදැරිය යුතු බව ද එම යෝජනාවල දැක්වෙන අතර 2022 නොවැම්බර් 30 වැනිදාට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් සම්මත කළ යුතු බව ඔවුන් පවසනවා. විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ඇති කිරීම මෙන්ම ඒ යටතේ අගමැතිවරයා ආණ්ඩුවේත් කැබිනට් මණ්ඩලයේත් ප්‍රධානියා ලෙස පාර්ලිමේන්තුවට වග කිව යුතු බවටද ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය යෝජනාවෙන් දක්වා තිබෙනවා. කැබිනට් අමාත්‍යවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත අන්තර්වාර ජාතික සමගි ආණ්ඩුවක් පිහිටුවීම ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යෝජනා අතර ඇති අතර පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ එකඟතාව දිනාගත හැකිවෙතැයි කථානායකවරයා විසින් පිළිගන්නා අයෙකු එහි අගමැතිවරයා විය යුතු බවයි එහි සඳහන් වන්නේ. 

අමාත්‍යාංශ 15 ට අනුරූප විෂය ක්ෂේත්‍රවලින් සුදුසුකම් ලත් වෘත්තිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන උපදේශක සභාවක් පත් කිරීමද ඔවුන්ගේ තවත් යෝජනාවක්.  අන්තර් වාර ජාතික සමගි ආණ්ඩුව විසින් පොදු අවම අරමුණුවලට අනුකූල අයවැයක් ඉදිරිපත් කළ යුතුව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යෝජනා කරන අතර ජාතික සමගි භාරකාර ආණ්ඩුව ක්‍රියාත්මක කළ යුත්තේ මාස 18 ක කාලයක් සඳහා පමණක් බනත් ඔවුන් පවසනවා. ඉන් අනතුරුව ඒ ආණ්ඩුව මාස 6 ක් භාරකාර ආණ්ඩුව ලෙස මැතිවරණය පැවැත්විය යුතු අතර පාර්ලිමේන්තු මහ මැතිවරණය අවසන් වීමත් සමඟ එම ආණ්ඩුවේ කාල සීමාව අවසන් බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසන්නේ දේශපාලන පළිගැනීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව අවලංගු කළ යුතු බවයි. දේශපාලන පළිගැනීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙස ද ඔවුන් යෝජනා කර තිබෙනවා. 

ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව මහ බැංකු අධිපතිවරයා සහ මුදල් මණ්ඩලය පත්කළ යුතු බවද නීතීඥ සංගමයේ යෝජනාවලට අයත් වෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu