gossiplanka alexa පක්ෂ 11 එකමුතුවෙන් පැවති මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කළ කරුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පක්ෂ 11 එකමුතුවෙන් පැවති මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කළ කරුණු

අද(01) බොරැල්ල එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ දී පැවති, පක්ෂ 11ක එකමුතුව කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූවා. එහිදී සියලු පක්ෂවල එකඟතාවයෙන් යුතු, වත්මන් අර්බුදය ජය ගැනීම සඳහා වන අවම වැඩපිළිවෙළක් සකස් කොට එය ක්‍රියාත්මක කිරීම සඳහා නව අමාත්‍ය මණ්ඩලයකින් සමන්විත අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට වහා පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කෙරුණා. 

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නිල ෆේස්බුක් පි‍ටුවේ තබා ඇති සටහන

""අප මේ මාධ්‍ය හමුව කැඳවනු ලැබූයේ, 'රට තුළ උද්ගත වෙමින් හා වර්ධනය වෙමින් පවතින අසහනකාරී තත්ත්වයට කුමක් කළ යුතු ද?' යන ප්‍රශ්නයට අපේ පැත්තෙන් තිබෙන විසඳුම, යෝජනාව රට හමුවේ තැබීමට සහ එමගින් එම යෝජනාව ක්‍රියාත්මක කරවා ගැනීමට යම් පෙළඹවීමක් ඇති කරවා ගැනීම අරමුණු කරගෙනයි. අද අපි මුහුණ දී සිටින්නේ අපේ ඉතිහාසය තුළ මුහුණ දෙන විශේෂිතම අර්බුදයටයි. විදේශ විනිමය සංචිත හීනවීම, ශ්‍රේණි ගත කිරීම්වලින් පහළට වැටීම ආදී ආර්ථිකමය වශයෙන් සියලු සාධකවලින් අපේ රට පහළම මට්ටමකට ඇද වැටීම නිසා අද අපට තෙල්, ගෑස්, විදුලිය නැති අසරණ ඉරණමකට මුහුණපෑමට සිදුව තිබෙනවා. මේ අර්බුදය උත්සන්න වීම වළක්වා ගැනීමට අදාළව ගතයුතු පියවර පෙන්වා දෙමින් අපි ආණ්ඩුව අභ්‍යන්තරයේ අරගලයක් කරනු ලැබුවා. එය ප්‍රතිඵලදායක නොවන විටයි මාර්තු දෙවැනි දා ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් පවත්වා අපේ අදහස මුළු රටටම පැවසුවේ. එදා බීරි අලින් වගේ හිටපු ආණ්ඩුවේ ප්‍රබලයන්ට අද කටඋත්තර නැති වෙලා තිබෙනවා. මහජනයා පීඩාවෙන් පෙළෙන විට, ඒ වේදනාව දරාගන්න බැරිව ඔවුන් ස්වයංව සටන්කාමී ක්‍රියාමාර්ගවලට එනවිට අන්න දැන් ආණ්ඩුවේ ප්‍රබලයන්ට තේරෙන්න පටන් අරන් තියෙනවා, එදා අපි කියද්දී තේරුම් ගත්තේ නැති නිර්දය ඇත්ත.

'රටක් වළපල්ලට වැටෙන්නේ ජනතාව සමඟයි'

මේ තත්ත්වය පාවිච්චි කරලා රට තවතවත් අගාධයට ඇද දැමීම නොවෙයි සිදුවිය යුත්තේ. මේ තත්ත්වය පාවිච්චි කරලා මේ රටේ අරාබි රෝස වසන්තයක් හදන එක නොවෙයි සිදුවිය යුත්තේ. රටක් වළපල්ලට වැටෙන්නේ නිකම් නොවෙයි ජනතාවත් සමඟයි. වගකීමක් සහිත දේශපාලන නායකයන් ලෙස මේ රට තවදුරටත් අරාජික වීමට ඉඩ නොදී මේ තත්ත්වයෙන් එය ස්ථාවර අනාගතයක් කරා රැගෙන යෑමේ අභියෝගය අප ඉදිරියේ තිබෙනවා. ඒක කරන්න වර්තමාන ආණ්ඩුවේ දැන් ඉන්න උදවියට හැකියාවත් තිබෙනවා කියා අප සිතන්නේ නැහැ. ඔවුන්ට ඊට ඇත්ත උවමනාවක් තිබෙනවා කියා අපට පෙනෙන්නේ නැහැ. 

ඒ නිසා අපි, 'පක්ෂ 11ක එකමුතුව' ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලනවා, ඔහු පත්කොට තිබෙන අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරලා, පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කරලා, එකඟත්වයකට ඇවිල්ලා, එකඟත්වයට එන  සෑම පක්ෂයක්ම නියෝජනය වන පරිදි අන්තර්කාලීන පාලනයක් පිහිටුවන්න, කියලා. එසේම එම අන්තර්කාලීන පාලනය මගින් රට හැකි පමණ මේ අර්බුදයෙන් ගොඩගෙන ඉන් අනතුරුව පොදු ජනතාවට මහ මැතිවරණයක් ලබාදෙන්න කියන එකත් අපේ ඉල්ලීමට ඇතුළත්. අපි දකින්නේ මේ වේදනාවෙන් කැකෑරෙන ජනතාව තුළ යම්කිසි සහනශීලී බලාපොරොත්තුවක් දැල්වීමට පුළුවන් වන්නේ එවැනි ව්‍යවස්ථානුකූල පියවරකින් පමණයි, කියායි. වෙනත් කුඩා පියවරවලින් අද වන විට ජනතාව තුළ මේ ආණ්ඩුව කෙරෙහි ඇති වෙලා තිබෙන අවිශ්වාසය, අප්‍රසාදය ඉවත් කරන්න පුළුවන් වෙන්නේ නැහැ.

'හොඳම සහ එකම විසඳුම'

ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වුවහොත් ඉතිරිව තිබෙන ධුර කාලය අගමැතිවරයාට හෝ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ඇති තැනැත්තාටයි යන්නේ. එවැන්නක් අවශ්‍ය නම් පසුව සලකා බලන්න. කෙසේ නමුත් 'දැන් විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිසා ඔහුටයි ව්‍යවස්ථානුකූලව මේ කර්තව්‍ය ඉටු කළ හැක්කේ' කියා අපි දන්නා නිසයි ඉල්ලන්නේ, 'කරුණාකරලා මේ අමාත්‍ය මණ්ඩලය සම්පූර්ණයෙන් අහෝසි කරලා, මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට හැකි අන්තර්කාලීන පාලනයකට යන්න' කියා. මේ මොහොතේ ගත හැකි හොඳම සහ එකම විසඳුම එය බවයි අප විශ්වාස කරන්නේ. මහජනතාව තවදුරටත් පීඩාවෙන් පීඩාවට පත් වීමට ඉඩ නොහැර, මහජනයා විශ්වාසය නොතබන අමාත්‍ය මණ්ඩලය තවදුරටත් තබා නොගෙන, මහජනතාවට විශ්වාසය තැබිය හැකි අන්තර්කාලීන පාලනයක් පිහිටුවන්න. එම අන්තර්කාලීන පාලනයට පුළුවන්කම තිබෙනවා, අපේ රට මුහුණ පා ඇති තියුණු අර්බුදයෙන් ගොඩගැනීමට අවශ්‍ය පියවර ගන්න.

'අන්තර්කාලීන වැඩපිළිවෙළක්'

මේ තියුණු අර්බුදයෙන් ගොඩඒමට ගතයුතු පියවර පිළිබඳ යෝජනා අප දේශපාලන පක්ෂ ලෙස මේ වන විට රට හමුවේ තබා තිබෙනවා. එම යෝජනා ඇසුරෙන් අපට අන්තර්කාලීන වැඩපිළිවෙළක් සැකසිය හැකියි. එවැනි කෙටිකාලීන අන්තර්කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගීම සඳහා පමණයි මේ අන්තර්කාලීන පාලනය පිහිටුවිය යුත්තේ. එහෙම නැතුව 'අපට තව ආයු කාලය තිබෙනවා' කියමින් දිගටම බලයේ ඉන්න නොවෙයි.

'ජනවරමට පිටුපාලා ඉවරයි'

දැන් මේ ආණ්ඩුව ලැබුණු ජනවරමට පිටුපාලා ඉවරයි, ජනවරමේ අර්ථය විනාශ කරලා ඉවරයි. ලැබුණු ජනවරමේ සුජාතභාවය නැති කළාට පස්සේ එම ජනවරම විසින් ලබාදුන් මුළු පාලන කාලයේම රැඳී සිටින සදාචාරාත්මක අයිතියක් නැහැ. ජනාධිපතිවරයාට ඕනෑකම තිබෙනවා නම් මේ මහජනතාවගෙන් ඇති වන අසහනකාරී ප්‍රවණතාව තුරන් කරලා, මහජනයාත් රටත් පාලනතන්ත්‍රයක් යන මේ තුනම එකට එකතු කරගත්තු ආකාරයේ මැදිහත්වීමකින් මේ අර්බුදය පියමන් කිරීමට, ඒ සඳහා ඇති එකම සහ අවසන් උත්තරය තමයි අප මේ ඉදිරිපත් කරනු ලැබුවේ.

'කසිකබල් අමාත්‍ය මණ්ඩලය පැත්තකට දමන්න'

යම් යම් සිදුවීම් ගත්තාම පෙනෙනවා ප්‍රචණ්ඩ තත්ත්වයක් ඇති කිරීමට මහා විශාල පිරිසක් අවශ්‍ය නැති බව. 1000ක් සාමකාමීව විරෝධතාව දක්වන විට 10කට පුළුවන් ප්‍රචණ්ඩකාරී තත්වයක් ඇති කරන්න. ඒ නිසා ඒ තත්ත්වයට රට ඇදගෙන යෑමට ඉඩ නොදීම ආණ්ඩුවේ වගකීමක්. මේ අර්බුදයේ දී මහජනයා හැටියට අපටත් තිබෙනවා වගකීමක්, අද රටට ඩොලර් කීයක් හරි එනවා නම් ඒකත් නැති වන විදියට නොවෙයි අප කටයුතු කළ යුත්තේ. අපි මේ රට අරාජික කරලා, නට්ටං කරලා ඒකෙන් පටු දේශපාලන වාසි ගන්න - කාලකන්නි සන්තෝෂයක් ලබන කණ්ඩායමක් නොවෙයි. ඒ නිසයි අපි කියන්නේ, 'දැන්වත් බිමට බැහැලා, පොළොවේ අඩිය තියලා, මොලේ පාදාගෙන තීරණයක් ගෙන මේ තිබෙන කසිකබල් අමාත්‍ය මණ්ඩලය පැත්තකට දමලා, නියමිත වැඩසටහනක් සමගින් නව අමාත්‍ය මණ්ඩලයක් සහිත අන්තර්කාලීන පාලනයක් පිහිටුවන්න' කියා. එසේ කිරීමෙන් පමණයි මේ අරාජකත්වය කරා රැගෙන යමින් සිටින රට ඉන් මුදවා ගත හැක්කේ."

ප්‍රජාතාන්ත්‍රික වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල,  ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර, ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, යුතුකම සංවාද කවය වෙනුවෙන් ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු සහ විජයධරණී ජාතික සභාව වෙනුවෙන්  පූජ්‍ය අතුරලියේ රතන හිමි මෙහිදී අදහස් දැක්වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,

මාධ්‍ය ලේකම්,

ජාතික නිදහස් පෙරමුණ,

2022/04/01


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu