gossiplanka alexa උන්ඩියල් සහ හවාලා ගණුදෙනු අවසන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

උන්ඩියල් සහ හවාලා ගණුදෙනු අවසන්

බැංකු ක්‍රමවේදයට පිටතින් ගොස් භාණ්ඩ ආනයනය සඳහා ඉහත ක්‍රමවේද හරහා විදෙස් විනිමය ගෙවීමක් සිදුකෙරෙන බව හඳුනාගෙන ඇති බවත් එය පාලනය කිරීම සඳහා හැකි ඉක්මනින් චක්‍රලේඛයක් නිකුත් කරන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ආනයන සදහා සිදුකරන ගෙවීම් බැංකු පද්ධතිය හරහා පමණක් සිදු කිරීම සදහා ආනයන අපනයන පනත යටතේ ගැසට් නිවේදනයක්  නිකුත් කරන බව ද බැංකු අධිපතිවරයා වැඩි දුරටත් පවසා සිටිනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ (29) පැවති මාධ්‍ය සාකච්ඡාවේ දීයි. 

“බැංකු ක්‍රමයට පිටතින් උන්ඩියල් සහ හවාලා යන ක්‍රමවේද ඔස්සේ විදේශ විනිමය හුවමාරු වෙනවා. අපි ඒ ගැන යම් තීරණ ගත යුතුයි. මීට පස්සේ රට ඇතුළට එන සියලුම ආනයන වලට සහතිකයක් දෙන්න ඔ්නේ ඒ සදහා මුදල් ගෙවීම බැංකු ක්‍රමය තුළින්ම පමණයි කරන්න පුළුවන් වෙන්නේ කියන ක්‍රමවේදය තමයි දැන් සකස් කරන්න යන්නේ. එතකොට බැංකු ක්‍රමයට පිටතින් මුදල් ගෙවලා ආනයනය කළොත් ඒක අපේ රේගුවෙන් ක්ලියර් කරලා ගන්න බැහැ. ඒ ක්‍රමවේදයෙන් ආනයනය කරන්න ලැබෙන්නේ නැහැ. සියලුම ආනයනය වලට මින් ඉදිරියට මුදල් ගෙවීම මේ චක්‍රලේඛය නිකුත් කළාට පස්සේ සිදුකරන්න වෙන්නේ බැංකු ක්‍රමය තුළින්ම පමණයි. ඒක තමයි මේ චක්‍රලේඛයේ අරමුණ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu