gossiplanka alexa මහා සංඝ සම්මේලනයන් අද, මහනායක හිමිවරුන්ගේ යෝජනා ක්‍රියාත්මක කරන බලපෑම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහා සංඝ සම්මේලනයන් අද, මහනායක හිමිවරුන්ගේ යෝජනා ක්‍රියාත්මක කරන බලපෑම්

නිදහස් චතුරස්‍රයේ දී අද පස්වරුවේ සංඝ සමුළුවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ මහා නායක ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කල පරිදි රට ස්ථාවර කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයට බල කරමින්. 

වර්තමාන අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය වහාම ඉවත් වී නව කැබිනට් මණ්ඩලයක් වර්ෂයක කාල පරිච්ඡදයක් සඳහා පත් වීමත් ඔවුන්ට ඉහළින් විශේෂඥ මණ්ඩලයක් පත් කර ඔවුන්ගේ උපදෙස් පරිදි රට වහාම ස්ථාවරත්වයකට පත් කර මහමැතිවරණයකින් අනතුරුව සුදුසු පිරිසකට බලය ලබා දෙන ලෙස මහනායක හිමිවරුන් යෝජනා කර තිබුණා. මෙයට ජනාධිපතිවරයා එකඟ වී ඇති නමුත් එයට නිසි ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන නොමැති නිසා එයට බලපෑම් කිරීමට මෙම සංඝ සම්මේලනය පවත්වන බව මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමීන්වහන්සේ පවසනවා. 

රට පුරා විවිධ ප්‍රදේශවලින් දහස් නමක් කොළඹ බෞද්ධ මහා සම්මේලනයට සවස 2.30ට ‍රැස් වී පා ගමනින් නිදහස් චතුරස්‍රය වෙත වැඩම කර සංඝ සමුළුව පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

මේ අතර අද රාත්‍රී 7.30ට පාර්ල්මේන්තුව නියෝජනය කරන සියළුම දේශපාලන පක්ෂ නායකයන් කැඳවා ඔවුන්ට මෙයට කැපකිරීම් කරන  ලෙස බලපෑම් කිරීමට වැඩසටහනක් පැවෙත්වීමට නියමිතයි. ආචාර්ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. මෙම සාකච්ඡාවට පොදුජන පෙරමුණ වෙනුවෙන් ජී.එල්. පීරිස් මෙයට සහභාගී නොවන ලෙස දන්වා ඇති බවත් එයට හේතුව ලෙස ඔහු දක්වා ඇත්තේ අගමැතිවරයා ඉවත්වීමේ ස්ථාවරය මත ඔවුන් කිසිදු සාකච්ඡාවකට සහභාගී නොවන බවත් යැයි  මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමීන්වහන්සේ වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu