gossiplanka alexa රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ප්‍රකාශයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ප්‍රකාශයක්


රඹුක්කන ප්‍රදේශයේ දී සිදු වූ මහජන විරෝධතාවයේ දී පොලීසිය විසින් ජනතාවට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා නිතිඥ සංගමය විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. එම සිද්ධියෙන් සිදු වූ ජීවිත හානි පිළිබඳව නීතිඥ සංගමය සිය කණගා‍ටුව ප්‍රකාශ කර සිටිනවා.

එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් විරෝධතාකරුවන්ගේ සැබෑ දුක්ගැනවිලි සැලකිල්ලට ගනිමින් පොලිසිය සහ සන්නද්ධ හමුදාවන් ඉතා සංයමයෙන් කටයුතු කරන බවට රජය සහතික විය යුතු බවයි ඔවුන් එම ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා. මෙරට ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයින් අඛණ්ඩව උපරිමයෙන් කටයුතු කරන බව ද එම ප්‍රකාශයේ සඳහන්. 





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu