gossiplanka alexa රඹුක්කන වෙඩි තැබීමට නියෝග කල නිලධාරියා ගැන අධිකරණයේ දී හෙළිවේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රඹුක්කන වෙඩි තැබීමට නියෝග කල නිලධාරියා ගැන අධිකරණයේ දී හෙළිවේ

රඹුක්කන ප්‍රදේශයේ පැවති විරෝධතාවය අතරතුර දී වෙඩි තැබීමට නියෝග කර ඇත්තේ කෑගල්ල කොට්ඨාසය භාර ජෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්ති රත්න මහතා බව කෑගල්ල අධිකරණයේ දී අද (22) අනාවරණය වී තිබෙනවා. 

නොසන්සුන්තාවය පාලනය කිරීමට කරලි මර්ධන කණ්ඩායම් ටී 56 ගිනි අවි හතරක් සහ උණ්ඩ තිස් පහත් භාවිතා කර ඇති බව අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පොලිස්පතිවරයා විසින් පත්කරන ලද කමිටුව කෑගල්ල මහෙස්ත්‍රාත්වරිය වෙත විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා තිබෙනවා. එම පොලිස් කැරලි මර්දන කණ්ඩායම් භාවිතා කර ඇත්තේ කෑගල්ල මුලස්ථාන පොලීසිය විසින් නිකුත් කළ අවි පමණක් බවත් අධිකරණය හමුවේ ඔවුන් පවසා තිබෙනවා. ඒ අනුව  කෑගල්ල මුලස්ථාන පොලීසිය විසින් උණ්ඩ 30 බැගින් ඇතුළත් වූ ඨ්-56 ගිනිඅවි 4ක් සහ පිස්තෝල 3ක්  කැරලි මර්දන කණ්ඩායම් වෙත නිකුත් කර ඇති බවයි ඔවුන් අධිකරණයට පෙන්වා දී ඇත්තේ. 

 විමර්ශන කණ්ඩායම අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන්නේ අදාළ සිදුවීමේදී තුවාල ලැබු පොලිස් නිලධාරින්ගෙන් මෙන්ම සිවිල් වැසියන් 51 දෙනෙකුගෙන් සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවට දන්වමින්. අධිකරණය හමුවේ සිද්ධිමය කරුණු දක්වමින් විමර්ශකයින් පෙන්වා දී  ඇත්තේ විරෝධතාකරුවන් එම ස්ථානයේ නවතා තිබු බවුසරයට ගිනි තැබීමට උත්සාහ දරා ඇති බවත්, ඒ හේතුවෙන් නොසන්සුන්තාවය පාලනය කිරීමට අහසට වෙඩිතැබුවද විරෝධතාකරුවන් විසිර නොගිය බැවින් පැහැදිලි නියෝගයක් මත ඨ්-56 ගිනිඅවිවලින් දණහිසෙන් පහළට වෙඩි තබා ඇති බවත් ය. ඒ අනුව වෙඩි තැබීමට නියෝගය ලබා දුන් කෑගල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ වෙඩිතැබීම් සිදුකළ පොලිස් නිලධාරීන් සහ තවත් පොලිස් නිලධාරීන්ගේ නම් ඇතුළත් ලැයිස්තුවක් විමර්ශකයන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. 

බවුසරයට ගිනි තැබීමට උත්සාහ කල පුද්ගලයා හඳුනාගැනීමට හැකිවී තිබේ ද යන්න මහේස්ත්‍රාත්වරිය මෙහි දී විමසා සිටිය අතර විමර්ශන නිලධාරියා පැවසූයේ ඒ පිළිබඳව හඳුනාගැනීමක් සිදුව නොමැති බවයි. 

තවද, මියගිය චමින්ද ලක්ෂාන් මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා තමන් වෙත ලැබී ඇති බවත් ගිනි අවියකින් සිදු වූ වෙඩි තැබීමක් හේතුවෙන් වූ අධික රුධිර වහනය මරණයට හේතු වී ඇති බවත් විමර්ශකයින් වැඩි දුරටත් අධිකරණයේ දී කියා සිටියා. 

පොලිස්පතිවරයා විසින් පත්කළ සිතාවකපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත මහතාගේ මූලිකත්වයෙන් යුත් කමිටුව මෙම විමර්ශන සිදු කර තිබෙනවා. 





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu