gossiplanka alexa "පොලිස්පතිවරයා වෙඩි තියන්න උපදෙස් දීලා නැහැ"

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"පොලිස්පතිවරයා වෙඩි තියන්න උපදෙස් දීලා නැහැ"

රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අද (22) පොලිස්පතිවරයා මාන්ව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණා. එහිදී පොලිස්පතිවරයා ලබා දුන් ප්‍රකාශයන් පිළිබඳව පරීක්ෂණයට සහභාගී වූ නිලධාරියෙකු මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දී තිබුණා.

"අද පොලිස්පතිතුමා ඇතුළු ප්‍රධාන පොලිස් නිලධාරීන් සමඟ සාකච්ඡා කලා. විශේෂයෙන් රඹුක්කන සිද්ධිය සම්බන්ධව. පොලිස්පතිතුමෑඅ සම්බන්ධව කරන පරීක්ෂණයට විධිමත්ව තොරතුරු සැපයූවා. එපමණක් නොව හ්වස 3.30 පමණ වන තෙක් රඹුක්කන ප්‍රදේශයේ කටයුතු සාමකාමීව සිදු කල බව පැවසුවා. පොලිස්පතිතුමා මීට මාස ගාණකට කලින් සිට උපදෙස් දීලා තියෙන්නේ කිසිම උද්ඝෝෂණයකට තුවක්කුව පාවිච්චි කරන්න එපා කියලා. නමුත් කෑගල්ල සිද්ධියේ දී තුවක්කුව පාවිච්චිවෙලා තියනවා. ඒ සම්බන්ධව පොලීසිය විනයානුකූලව කටයුතු කිරීමට අද තීන්දු කලා. ඒසම්බන්ධ අවශ්‍ය සියළු තොරතුරු අප වෙත ලබා දුන්නා. 

පොලිස්පතිවරයාගේ උපදෙස්වලට පරිභාහිරව ගත් තීන්දු සම්බන්ධව විධිමත් පරීක්ෂණ පැවැත්වීමට මානව හිමිකම් කොමිෂන් සභාව ගන්නා උත්සාහය පිළිබඳව එතුමා ඇගයීමක් කලා. රට පුරා සිදුවන සිදුවීම් පාලනය කිරීමට තුවක්කුව කිසිසේත්ම පාවිච්චි නොකිරීමට පොලීසිය තීන්දු කරලා තියනවා. එය ලොකු ජයග්‍රහණයක්. ඉදිරියේදී සාමකාමීව සිදුවන කිසිදු උද්ඝෝෂණයක් සම්බන්ධව ප්‍රචණ්ඩ ආකාරයට ආරක්ෂක අංශ කටයුතු නොකරන බවටත් දැනට සිදු වී ඇති සිද්ධිය සම්බන්ධ සියළු තොරතුරු මානව හිමිකම් කොමිෂන් සභාවට ලබා දීලා මානව හිමිකම් කොමිෂමේ නිර්දේශ මත ඉදිරි කටයුතු සිදු කිරීමටත් පොලිස්පතිතුමා එකඟ වුණා. 

අපි ඇත්තටම අධිකරණමය ක්‍රියාමාර්ගයක් තමයි මේ අවස්ථාවේ ගත්තේ. ඒ නිසා අපි සතු‍ටුවෙනවා මානව හිමිකම් කොමිෂන් සභාව හැටියට මිය ගිය පුද්ගලයන්ට නැවත පණ ලබා දීමට හැකියාවක් නැතත් ඉදිරියේ දී මේ ආකාරයට වෙඩි තැබීම් හෝ මරණයට පත් වීම් වළක්වා ගැනීමට කටයුතු කිරීම ගැන. මානව හිමිකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පොලීසියත් මානව හිමිකම් කොමිෂන් සභාවත් එකට හිටගෙන මේ කටයුත්ත සිදු කිරීමට පොලිස්පතිතුමා එකඟතාවය පළ කලා"


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu