gossiplanka alexa අන්තර්වාර ආණ්ඩුවකට ජනපති එකඟ වෙයි, ජාතික සභා නිර්දේශ මත සියල්ල සිදුවේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අන්තර්වාර ආණ්ඩුවකට ජනපති එකඟ වෙයි, ජාතික සභා නිර්දේශ මත සියල්ල සිදුවේ

සියළු පක්ෂ එකතු කර ගනිමින් අන්තර්කාලීම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහි‍ටුවීමට ජනාධිපතිවරයා සිය කැමැත්ත පළ කර තිබෙනවා. ජනාධිපතිවරයා සහ ස්වාධීන වූ පක්ෂ මන්න්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවේ දී මෙම එකඟතාවයට පැමිණි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කලේ සාකච්ඡාවෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී

"මෙය ඇතැම් වෙලාවට සර්ව පාක්ෂික ආන්ඩුවක් කියන්න පුළුවන්, නැත්නම් අන්තර් වාර පාලනයක් කියන්න පුළුවන්, ඒ අන්තර්වාර පාලනයක් කියන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පැහැදිලි වනවා එය ස්ථිර ආණ්ඩුවක් නෙමේ මැතිවරණයක් සඳහා යන ගමනක මුල් පියවර කියලා. අපිට තියෙන්නෙ ආණ්ඩුව කාගේද ආණ්ඩුවේ නායකයා කවුද කියන ප්‍රශ්නය නෙමේ. අපිට තියෙන්නේ රටේ ජනතාව වෙනුවෙන් යම් වගකීමක් අරගෙන කටයුතු කිරීම මේ ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා.

සියළු පක්ෂවලට ඒ සම්බන්ධයෙන් එතුමන් ලියුම් යවා ආරාධනා කරාවි. ඒ වගේම නව අගමැතිවරයෙකු යටතේ අන්තර්වාර ආණ්ඩුවක් පිහි‍ටුවීමට ද ජනාධිතුමා කැමැත්ත ප්‍රකාශ කලා. නව අගමැතිවරයෙක් සහිත අන්තර්වාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 15-20ක් අතර ප්‍රමාණයක් වෙන්න ඕන. අන්තර්වර ආණ්ඩුවක් යටතේ කල යුතු කාර්ය භාරයන් වල වගකීම ඔවුන්ට පැවරෙනවා. ඒත් එක්කම ජාතික සභාවක් පත් කිරීමට ජනාධිපතිතුමා එකඟ වුණා. අගමැතිවරයා, ඇමතිවරයා පත් කිරීම, වෙනත් මෙන්ම ගැටළු සම්බන්ධයෙන් තීන්දු ගන්නේ මෙම ජාතික සභාවයි. පොලිස්පති, අමාත්‍යාංශ ලේකම්, නීතිපති ආදිය තීන්දු කරන්නේ ජාතික සභාවයි. ඒ වගේම ඒ පිහි‍ටුවන දේශපාලන පක්ෂවලින් සමන්විත විධායක සභාව ප්‍රධාන වශයෙන්ම ජනාධිපතිවරයාට උපදෙස් ලබා දෙයි. ඒ අනුව ජනාධිපතිවරයා සහ ඇමති මණ්ඩලය කටයුතු කල යුතු වන්නේ ජාතික සභාව කියන පරිදිය" හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩි දුරටත් පවසා සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu