gossiplanka alexa සර්ව පාක්ෂික ආණ්ඩුවට දූෂිතයන් නොගන්නා ලෙස සංදේශයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සර්ව පාක්ෂික ආණ්ඩුවට දූෂිතයන් නොගන්නා ලෙස සංදේශයක්

යෝජිත සර්වපාක්ෂික රජයක තනතුරු සඳහා දූෂිතයින් පත් නොකරන ලෙස දන්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයාට සංදේශයක් නිකුත් කර තිබෙනවා.

සංදේශය

========

අතිගරු ජනාධිපති තුමා,

ගරු අග්‍රාමාත්‍ය තුමා,

ගරු කතානායක තුමා,

ගරු විපක්ෂ නායක තුමා

සියලු පක්ෂ නායකයින්, සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්/මන්ත්‍රීවරියන්,

යෝජිත සර්වපාක්ෂික රජයක තනතුරු සඳහා දූෂිතයින් පත්කිරීම පිටු දකිමු.

අපගේ මාතෘභූමිය පෙර නොවූ විරූ අන්දමේ ගැඹුරු සමාජ, ආර්ථික, සෞඛ්‍ය සහ දේශපාලන අර්බුදයකට මේ මොහොතේ මුහුණ දෙමින් සිටියි. 

පවතින ආර්ථික අවපාතය, විදේශ විනිමය අර්බුදය, ඉහළ උද්ධමනය, සෞඛ්‍ය අර්බුදය සහ බලශක්ති අර්බුදය හේතුවෙන් දැඩි පීඩනයට පත් මහජනතාව වත්මන් රජයට සහ සමස්ත දේශපාලන ක්‍රමවේදයට විරුද්ධව ප්‍රබල ස්වෙච්ඡා, සාමකාමී අරගලයක නිරතව සිටිති.

මෙම ජන අරගලයේ මුඛ්‍ය පරමාර්ථය බවට පත්ව ඇත්තේ පවතින ජරාජීර්ණ, ප්‍රතික්ෂේපිත දේශපාලන ක්‍රමය වෙනස් කොට ජනතාවට මෙන්ම රටටත් වගකීමක් සහ වගවීමක් සහිත, දූෂණය සහ වංචාව පිටුදකින, විගණනයට යටත්, අවම ප්‍රමිතියක් ඇති දේශපාලනඥයින් තෝරා පත් කර ගත හැකි පාලන ක්‍රමයක් සහ පාර්ලිමේන්තුවක් බිහි කිරීමයි.

පවතින දේශපාලන සහ ආර්ථික අස්ථාවරත්වය සමනය කර අරගලයේ නියුතු ශ්‍රී ලාංකිකයන් විසින් ඉල්ලා සිටින රටට හිතැති ව්‍යවස්ථාපිත දේශපාලන ක්‍රමවේදයක් නිර්මාණය කිරීම සඳහා පක්ෂ භේද නොසලකා සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් එක්ව කෙටි කාලයකට අන්තර්කාලීන හෝ සභාග හෝ සර්ව පාක්ෂික රජයක් බිහි කළ යුතු බව රට තුල ප්‍රබලව ගොඩ නැගී ඇති මතයකි.

එම අන්තර්වාර / සර්වපාක්ෂික රජයේ අරමුණ සුපිරිසිදු දේශපාලන ක්‍රමවේදයක් බිහි කිරීම නම්, ඒ වෙනුවෙන් එක්වන කණ්ඩායම රටට හිතැති, චෝදනා රහිත පිරිසක් වීම අනිවාර්යය.

එහෙත් වර්තමාන මහජන නියෝජිතයන් අතරින් බහුතරයක් විවිධ විෂමාචාර සම්බන්ධයෙන් චෝදනාවන්ට ලක්වී මහජන අප්‍රසාදයට ලක්වූවන් බව රහසක් නොවේ. වංචා සහ දූෂණ චෝදනාවන්ට ලක් වූ, ඉතිහාසයේ දූෂණ වංචා සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ වරදකරුවන් බවට පත් වූ, රටට හානිකර දූෂිතයින් පිරිසක් එක්ව ජනතාවගේ ඉල්ලීම වන දූෂණය පිටු දකින සුපිරිසිදු පාලන ක්‍රමයක් ගොඩනගනු යැයි සිතීම සිහිනයකි.

එවන් අදූරදර්ශී තීරණ මගින් මෙම අරගලයේ සුජාත අරමුණු පාවාදීමක් සිදුකලහොත්, එය නිවැරදි කල නොහැකි ඓතිහාසික වැරැද්දක් වනු ඇත.

එබැවින් යෝජිත සර්වපාක්ෂික හෝ අන්තර්වාර හෝ සභාග රජයේ නායකත්වයට සහ කැබිනට් මණ්ඩලයට වංචා සහ දූෂණ චෝදනාවන්ට අධිකරණය ඉදිරියේ වැරදිකරුවන් වූ, රටට හානිකර විෂමාචාර ක්‍රියාවන්හි නිරත වූ කිසිදු දේශපාලනඥයෙකු කිසිදු හේතුවක් මත  පත් කිරීමෙන් වැළකිය යුතු බව අපි තරයේ අවධාරණය කර සිටින්නෙමු.

යම් හෙයකින් ජනතා ඉල්ලීම් වලට පිටුපා, පටු දේශපාලන න්‍යාය පත්‍ර සාක්ෂාත් කරගනු වස් එබඳු දූෂිතයන්ට තනතුරු ලබාදුනහොත්, පවතින අර්බුදය තවත් තීව්‍ර වී ශ්‍රී ලංකාව තවදුරටත් අසමත් රාජ්‍යයක් බවට පත් කිරීමේ  වගකීමෙන් සහ චෝදනාවෙන් මිදීමට ඔබ කිසිවෙකුට නොහැකි වනු ඇති අතර එවන් තත්ත්වයකදී ජන අරගලයේ සැබෑ පරමාර්ථ සාක්ෂාත් කරගැනීම උදෙසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි ක්‍රියාමාර්ග සඳහා අවතීර්ණ වීමට කිසිසේත් පසුබට නොවන බව ද දන්වා සිටීමට කැමැත්තෙමු.

ලේකම් 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu