gossiplanka alexa ඉදිරි සතියේ දී තීරණාත්මක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාමාර්ගයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉදිරි සතියේ දී තීරණාත්මක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාමාර්ගයක්

අදින් (24) අවසන් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වූ සාකච්ඡාවලින් පසු ඉදිරි සතියේ දී ආණ්ඩුවේ ස්වාධීන වූ පක්ෂ 11 ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාමාර්ගයකට එළඹීමට සූදානම්ව සිටිනවා. එම කණ්ඩායම පවසා ඇත්තේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් නොවන්නේ නම් සමගි ජනබලවේගය ගෙන එන විශ්වාසභංගයට සහය ලබාදීමට හෝ වෙනත් විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බවයි. 

එම කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පවසා ඇත්තේ සමඟි ජනබලවේගයෙන් ගෙන එන විශ්වාසභංගයට එකඟත්වයක් නොමැති නම් තම කණ්ඩායම විසින් විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරන බවයි.

මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ ධූරයෙන් ඉවත් කර වෙනත් අගමැතිවරයෙකු පත් කළ යුතු බවට මතය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන 115 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වනවා. පාර්ලිමේන්තුවේ බහුතරය මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ බව පෙන්වීමට ප‍්‍රමාණවත් අත්සන් සහිතව දිවුරුම් ප්‍රකාශ කතානායකවරයාට ඉදිරිපත් කිරීමට සූදානම් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu