gossiplanka alexa රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියේ පොලිස් වාර්තාවලට විරෝධයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියේ පොලිස් වාර්තාවලට විරෝධයක්

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධව පොලීසිය විසින් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවට දැඩි විරෝධතාවයක් එල්ල වී තිබෙනවා. මේ හේතුව නිසාම මහේස්ත්‍රාත්වරයා අදාළ නිලධාරීන් සමඟ අද පස්වරු 2 පමණ සිට සවස් වන තුරුම ස්ථානීය පරීක්ෂණයක් සිදු කරමින් සිටින බව වාර්තා වනවා. 

පරීක්ෂණ සිදු කරන අතරවාරයේ දී ප්‍රදේශවාසීන් විසින් ඉන්ධන පිරවුම්හලට කිලෝමීටර් බාගයක් පමණ දුරිනුත් වැටී තිබුණු ලේ පැල්ලම් පෙන්වා දී තිබෙනවා. මෙහිදී පොලීසිය වෙත එල්ල වන තවත් චෝදනාවක් වන්නේ වෙඩි තැබීම සිදු කල ප්‍රදේශය ආශ්‍රිතව තිබුණු ලේ පැල්ලම් සෝදා ඉවත් කර ඇති බවටයි. 

මේ අතර රඹුක්කන දුම්රිය නිවාස ආසන්නයේ දී ගිනි තැබූ බව පැවසෙන ත්‍රී රෝද රථයේ රියදුරු ද සාක්ෂි ලබා දී තිබෙනවා. පොලිස් නිලධාරීන් තම ත්‍රිරෝද රථයට ගිනි තබන අයුරු ඇසින් දු‍ටු බව ඔහු මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ දී සාක්ෂි ලබා දී ඇති බව සඳහන්. 

මෙම ස්ථානයේ පරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥවරුන් විශාල පිරිසක් ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ. 













ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu