gossiplanka alexa සටන් විරාමයෙන් පසු ගැ‍ටුම් දරුණුවෙයි, පුටින්ගෙන් බටහිර රටවලට අනතුරු ඇඟවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සටන් විරාමයෙන් පසු ගැ‍ටුම් දරුණුවෙයි, පුටින්ගෙන් බටහිර රටවලට අනතුරු ඇඟවීමක්

සිවිල් වැසියන් ඉවත් කිරීම සඳහා මානුෂීය කොරිඩෝවක් විවෘත කරමින් යුක්‍රේනයේ මරියුපෝල් සහ වොල්නොවාකා නගරවල ප්‍රකාශයට පත් කල පැය 5ක සටන් විරාමයකින් පසු යුක්‍රේන රුසියා ගැ‍ටුම් තවත් දරුණු වී තිබෙනවා. 

කියුව් අගනගරය ඇතුළු ප්‍රධාන නගර වෙත රුසියානු හමුදා එල්ල කරන ප්‍රහාර ඉදිරියේ දී වේගවත් හා තීව්‍ර වනු ඇති බව බටහිර බුද්ධි අංශ වාර්තා කරනවා. 

මේ අතර රුසියාවත් යුක්‍රේනයත් අතර තෙවැනි වටයේ සාම සාකච්ඡා හෙට (07) පැවැත්වීමට නියමිතව ඇත්තේ යුද ගැ‍ටුම් අවසන් කිරීමේ අරමුණින්. 

තම රුසියන් හමුදා යුක්‍රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් බටහිර රටවල් රුසියාවට එරෙහිව සම්බාධක පැනවීම "යුද ප්‍රකාශ කිරීමකට සමාන" බව රුසියන් ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් පවසා තිබෙනවා. යුක්‍රේනයේ ඉහළ අහස රුසොයන් ගුවන් යානාවලට තහනම් කලහොත් බටහිර රටවලට අනිසි විපාක විඳීමට සිදුවනු ඇතැයි රුසියන් ජනාධිපතිවරයා අනතුරු අඟවනවා. 

තමන්ට යුක්‍රේනය අල්ලා ගැනීමට අවශ්‍ය නම් දිගින් දිගටම පහර එල්ල කල හැකි නමුත් යුක්‍රේනයේ සිවිල් වැසියන්ගේ ආරක්ෂාවට මුල් තැන දෙමින් ප්‍රහාර එල්ල කරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ. 

මේ අතර රුසියන් ජනතාව පුටින් ජනාධිපතිවරයාට ස්තූතිය පළ කරමින් ජන ‍රැලියක්ද පවත්වා ඇති බවට වාර්තා වනවා. ඒ යුක්රේනයේ සිටින රුසියන් බස කතා කරන රුසියන් සම්භවයක් ඇති වැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට ගන්නා උත්සාහයට සහාය පළ කරමින්.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu