gossiplanka alexa තන්තිරිමලේ ජලාශය හෙවත් පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය ඇරඹේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තන්තිරිමලේ ජලාශය හෙවත් පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය ඇරඹේ

මල්වතු ඔය මඟින් මහ මුහුදට ගලා යන ජල ප්‍රමාණය වසරකට ඝන මීටර් දසලක්ෂ 700ක් පමණ වනවා. එම ප්‍රමාණය මල්වතු ඔයට ලැබෙන සමස්ත ජල ප්‍රමාණයෙන් සියයට 75ක්. කිසිම වැඩක් නොගෙන මුහුදට යන මෙම ජලයෙන් රටට වැඩක් ගැනීම පිණිසවූ පහළ මල්වතු ඔය බහුකාර්ය ව්‍යාපෘතිය වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ 2021 මාර්තු 31 වැනිදා තන්තිරිමලේදි ආරම්භ වුණා.

මෙම ව්‍යාපෘතියේදී මුලින්ම සිදු කරන්නේ මල්වතු ඔය හරහා තන්තිරිමලේ බෝගොඩදී කිලෝමීටර් 3.6ක් දිග වේල්ලක් බැඳ අක්කර අඩි 170,000ක් පමණ රැඳවිය හැකි රජරට විශාලතම ජලාශය ඉදිකිරීමයි. මෙමඟින් අනුරාධපුරය, මන්නාරම හා වවුනියාව දිස්ත්‍රික්කවල වගා කටයුතු සඳහා අක්කර 32,000කට ජලය සපයනු ලබයි.

පහළ මල්වතු ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය සඳහා රජය වැය කරන සම්පූර්ණ මුදල රුපියල් මිලියන 22,900කි. එම ව්‍යාපෘතියේ සියලු කටයුතු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලාංකික වාරි ඉංජිනේරුවරුන්ගේ මෙහෙයවීමෙන් ඉටු කරනු ලබනවා. වාරි ජලය, පානීය ජලය, විදුලිබලය ජනතාවට ලබාදෙන මේ ව්‍යාපෘතිය මඟින් පුද්ගලයන් ලක්ෂ දෙකකට සෘජු ප්‍රතිලාභ ලැබෙන බවයි සඳහන් වන්නේ.

මෙම ජලාශය අක්කර දස දහසක ප්‍රදේශයක පැතිර යන අතර එහි පරිධිය කිලෝමීටර් 91ක්. මැදවච්චිය මහවිලච්චිය හා මධ්‍යම නුවර ගම්පළාත හා සෙට්ටිකුලම යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල පැතිර යන මෙම ජලාශය ඉදිකිරීම මඟින් ප්‍රදේශයේ පුද්ගලයන් 10,000කට පමණ නව රැකියා අවස්ථා උදාවෙන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු සනත් ගුණසේන මහතා පවසනවා.

පහළ මල්වතු ඔය ජලාශ වේල්ලේ උස මීටර් 23.5ක් වන අතර මුඳුනත පළල මීටර් 6කි. වේල්ල ඉදිකිරීමට පස් කියුබ් ලක්ෂ 20ක් අවශ්‍ය වන අතර එය තනිකරම පස් වේල්ලක් ලෙස ඉදිකෙරේ. නව තන්තිරිමලේ ජලාශයේ ප්‍රධාන පිටවානේ අරීය ගෙට්ටු 10කි. එක් ගේට්ටුවක උස අඩි 23කි. පළල අඩි 25කි. මෙහි වම් සොරොව්ව වැර ගැන්වූ කොන්ක්‍රීට්වලින් එක් සොරොව් මගක් සහිත එක් කුලුනක් සහිතව ඉදිකරන අතර දකුණු සොරොව්ව ද එලෙසම ඉටු කෙරේ. මෙම සොරොව් දෙකින්ම තත්ත්පරයට ඝන අඩි 35 බැගින් ජල ධාරිතාවක් නිකුත් කළ හැකියි.

පහළමල්වතු ඔය බහුකාර්ය ව්‍යාපෘතිය 2024 දී පූර්ණ වශයෙන් අවසන් කොට ජනතා අයිතියට පත්කිරීමට වාරිමාර්ග අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu