gossiplanka alexa ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙක්ට ඕස්ට්‍රේලියාවේ වසර 13 1/2 ක සිර දඬුවමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙක්ට ඕස්ට්‍රේලියාවේ වසර 13 1/2 ක සිර දඬුවමක්

ඕස්ට්‍රේලියාවේ ඩේකින් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකුට වික්ටෝරියා අධිකරණය විසින් වසර 13 1/2 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. මෙසේ සිර දඬුවම් හිමිව ඇත්තේ අවුරුදු 25ක ශිෂ්‍යයෙකුටයි.

ඔහුට මෙසේ සිරගත කිරීමට නියමව ඇත්තේ බාලවයස්කාර දැරියන්ට තර්ජනය කර නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ගෙන්වා ගැනීම යන චෝදනාව මතයි. ළමයින්ගේ අසභ්‍ය දර්ශන සන්තකයේ තබා ගැනීම, ඉන්ටර්නෙහි ඒවා පළ කිරීම සහ හුවමාරු කර ගැනීම ආදී චෝදනා 25කට ඔහු වැරදිකරු වී තිබෙනවා. 

වික්ටෝරියා අධිකරණයේ විනිසුරුවයා මෙම ක්‍රියාව හඳුන්වා දී ඇත්තේ අමානුෂික ක්‍රියාවක් ලෙසයි. 

2018 සිට 2020 වසර දක්වා කාලයේ දී ඔහු සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති අතර වයස අවුරුදු 10ක කුඩා දැරියකට පවා ඔහු තර්ජනය කරමින් ඡායාරූප සහ වීඩියෝ දර්ශන එවන ලෙස බල කර ඇති බව වාර්තා වනවා. 2020 වසරේ නොවැම්බර් මාසයේ දී ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය විසින් ඔහුව අත් අඩංගුවට ගෙන තිබූ අතර ඔහු ඕස්ට්‍රේලියාවේ පමණක් නොව වෙනත් රටවල දැරියන්ට ද තර්ජනය කරමින් නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති බව සඳහන්. 

එසේ එම දැරියන් ඡායාරූප හෝ වීඩියෝ දර්ශන එවීමෙන් වැළකී සිටියොත් ඔවුන්ගේ ජීවිතය විනාශ කරන බවට මෙම ශිෂ්‍යයා තර්ජනය කල බව වින්දිත දැරියන් අධිකරණය හමුවේ පවසා තිබෙනවා. 

මෙම ශිෂ්‍යයාට වසර 13 1/2 ක සිර දඬුවමක් නියම වී ඇති අතර ඉන් වසර 8ක කාලයක් අනිවාර්යෙන්ම ඔස්ට්‍රේලියාවේ සිරගත වී සිටීමට නියම වී තිබෙනවා. ඉන්පසු ඔහුට ඇප ඉල්ලීමක් සිදු කල හැකි අතර ඒ අවස්ථාවේ දී ඔහුට ඇප හිමි වුවහොත් ඔහු ශ්‍රී ලංකාවට පි‍ටුවහල් කිරීමට නියමිතයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu