gossiplanka alexa ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් වර්ධනය වන ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් වර්ධනය වන ලකුණු

නිරිත දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වන බව කාලගුණවිද්‍යා  දෙපාර්තමේන්තුව පවසනවා.

එම පද්ධතිය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි දින කිහිපයේ දී(මාර්තු 04 සහ 05 දින වල) ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරනවා. එසේම උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවේ. නැගෙනහිර, උතුරු-මැදසහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකියි. 

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි පැවසෙන්නේ.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත් මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී (40-50) දක්වා වැඩි විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu