gossiplanka alexa යුක්‍රේනයට ආධාර දෙන රටවලට රුසියාවෙන් අනතුරු ඇඟවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යුක්‍රේනයට ආධාර දෙන රටවලට රුසියාවෙන් අනතුරු ඇඟවීමක්

බටහිර සහ යුරෝපීය රටවල් යුක්‍රේනයට යුධ ආධාර ලබා දීම පිළිබඳව රුසියාව විසින් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. රුසියාව ප්‍රකාශ කර ඇත්තේ යුක්‍රේනයට අවි ආයුධ  සැපයීම එම රටවලට භයානක පියවරක් වනු ඇති බවටයි. 

රුසියන් රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය සර්ජි රියාබ්කොව් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ යුක්රේනයට බටහිර හා යුරෝපානු අවි ආයුධ සපයන රථ රුසියාවේ නිත්‍යානුකූල ඉලක්ක විය හැකි බවටයි. 

එසේම යුක්‍රේනය සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාමය ක්‍රියාවලියකට යොමු නොවන බව විදේශ අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා තිබෙනවා. 

මේ අතර රුසියන් හමුදා යුක්‍රේන අගනුවර ආසන්නයටම පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යුක්රේනයේ මෙලිටොපෝල් නගරයේ නගරාධිපතිවරයා ද රුසියන් හමුදාව විසින් පැහැරගෙන ගොස් තිබෙන අතර මරිපෝල්, ලීව් හා සුමී යන නගර ඉලක්ක කර ගෙන ද රුසියන් හමුදාව ප්‍රහාර දියත් කරමින් සිටිනවා. 

මරිපෝල් නගරයේ සිරවී සිටින වැසියන් මෙයින් මහත් පීඩාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මරිපෝල් නගරයේ මේ වන විට අධික සීතලක් පවතින අතර නගරයේ විදුලිබල සැපයුම ද සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබෙනවා. එසේම පානීය ජලය හෝ ආහාර පවා නොමැති බවයි වාර්තා වන්නේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu