gossiplanka alexa යුක්‍රේන න්‍යෂ්ටික බලාගාරයෙන් "චර්නොබිල්" වැනි අවදානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යුක්‍රේන න්‍යෂ්ටික බලාගාරයෙන් "චර්නොබිල්" වැනි අවදානමක්

යුක්‍රේනයේ අගනගරය වන කිව් රුසියානුවන් අතට පත් කර ගැනීමේ අරමුණින් රුසියාව විසින් ප්‍රහාර එල්ල කරමින් පවතිනවා. රුසියානු ජනාධිපති කිව් අගනුවර වැසියන්ට අනතුරු අඟවමින් පවසා ඇත්තේ ජීවිතය හෝ මරණය ‍තෝරා ගන්නා ලෙසයි.

මේ තත්ත්වය හමුවේ කිව් අගනුවරින් යුක්‍රේන වැසියන් වාසස්ථාන අතහැර පලායමින් සිටින බව වාර්තා වනවා. 

රුසියන් හමුදාව විසින් කිව් අගනුවර වටලා දරුණු බෝම්බ ප්‍රහාරයක් දියත් කිරීමට සැරසෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

මේ අතර යුක්‍රේනයේ Zaporizhzhia නගරය ද  ඉලක්ක කර ගනිමින් ද රුසියාව විසින් දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් පවතින බව පැවසෙනවා. යුරෝපයේ පිහිටි විශාලතම න්‍යෂ්ටික විදුලි බලාගාරය පිහිටා ඇත්තේ මෙම නගරයේය. යුක්‍රේන හමුදාව සහ සිවිල් වැසියන් එක්ව එම නගරය ආරක්ෂා කර ගැනීමට මාර්ග අවහිර කරමින් සටනක නියැලෙන බවයි වාර්තාවන්නේ.

යම් හෙයකින් මෙම න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක් එල්ල වුවහොත් එය "චර්නොබිල්" බලාගාරයේ ඇති වූ ඛේදවාචකයට නොදෙවෙනු ඇති බව විචාරකයින් පවසනවා. 

මේ අතර යුක්‍රේනයේ වාණිජ නගරයක් වන Kherson හි බලය අත්කර ගැනීමට රුසියාව සමත් වී තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu