gossiplanka alexa පාඩු ලබන රාජ්‍ය ආයත 39ක් ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාඩු ලබන රාජ්‍ය ආයත 39ක් ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම්

අධික පාඩු ලබන රාජ්‍ය ආයතන 39ක් ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව අදාළ ආයතන වෙත ජනාධිපති අරමුදල, මහා භාණ්ඩාගාරය, මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය මඟින් වෙන් කරන ප්‍රතිපාදන සීමා කෙරෙන අතර අනවශ්‍ය වියදම් පිළිබඳ සොයා බලා ඒවාට අදාළ සියළු ව්‍යාපෘති  නතර කර දමනු ඇති බවයි වාර්තා වන්නේ. 

ජාත්‍යන්තර මූල්‍ය  අරමුදල ශ්‍රී ලංකාවට පනවා ඇති ණය කොන්දේසි යටතේ පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යහගත කෙරෙන බව එක්සත් ජාතික පක්ෂ ප්‍රධානියෙක් පවසා ඇති අතර ඒ අනුව අදාළ ආයතනවල අනවශ්‍ය සේවක කප්පාදුව, අමතර දීමනා අත් හි‍ටුවීම, පාඩු ලබන ව්‍යාපෘති නතර කිරීම ආදිය අනිවාර්යයෙන් සිදුවනු ඇති බවයි ඔහු පවසා ඇත්තේ. කෙසේ වෙතත් ජාත්‍යන්තර අරමුදල පැනවූ කොන්දේසි පිළිබඳව මෙතෙක් පාර්ලිමේන්තුව හෝ ජනතාව කිසිදු දැනුවත් කිරීමක් සිදු කර නොමැති වීම මේ වන විට අර්බුද සහ සැක සංකා ‍රැසක් මතු කර තිබෙනවා. 

ප්‍රතිව්‍යහගත කිරීමට නියමිත රාජ්‍ය ආයතන 

  • විදේශ සම්පත් දෙපාර්තමේන්තුව
  • ජාතික වැ‍ටුප් කොමිසම
  • සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල
  • ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය
  • ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව
  • ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
  • ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය
  • මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
  • සිවිල් ගුවන් සේවා අධිකාරිය
  • සීමා සහිත ගුවන් තො‍ටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම,
  • විදේශගත රාජ්‍ය දූත මණ්ඩලය,
  • කම්කරු දෙපාර්තමේන්තුව,
  • සේවක අර්ථසාධක අරමුදල,
  • ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනය,
  • මාර්ග අන්ඩත්තු භාර අරමුදල,
  • ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය,
  • ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය,
  • රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව,
  • දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳව ජාතික අධිකාරිය,
  • රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව,
  • රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව,
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුව,
  • ශ්‍රී ලංකා රේගුව,
  • සුරාබදු දෙපාර්තමේන්තුව,
  • වාණිජ දෙපාර්තමේන්තුව,
  • පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය,
  • සීමාසහිත ලංකා සතොස,
  • සීමාසහිත ලංකා සිමෙන්ති සමාගම,
  • ලංකා ධීවර සංස්ථාව,
  • ශ්‍රී ලංකා තේ මණ්ඩලය,
  • පොල් වගා කිරීමේ මණ්ඩලය,
  • ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය,
  • වී අලෙවි මණ්ඩලය,
  • සීමාසහිත ශ්‍රී ලන්කන් එයාලයින් සහ එහි පාලිත සමාගම,
  • සියළුම රාජ්‍ය බැංකු සහ ඒවායේ පාලිත සමාගම්,
  • විශ්‍රාම වැ‍ටුප් දෙපාර්තමේන්තුව,
  • රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ භාර අරමුදල,
  • ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ එහි පාලිත සමාගම් හා ඒ ආශ්‍රිත සමාගම්,
  • තැපැල් දෙපාර්තමේන්තුව,
  • ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu