gossiplanka alexa රුසියන් ජනාධිපති න්‍යෂ්ටික අවි ප්‍රහාරයකට සූදානම් බව අනාවරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුසියන් ජනාධිපති න්‍යෂ්ටික අවි ප්‍රහාරයකට සූදානම් බව අනාවරණයක්

රුසියන් හමුදා සෙබළුන් 50,000කගේ ජීවිත අහිමි වීමේ අවදානම දැරීමට රුසියාව සූදානම් බවත් යුක්‍රේන ආක්‍රමණය කෙසේ හෝ ජයගත යුතුව ඇති බවත් රුසියාව පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විටත් රුසියන් හමුදාවේ 5000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්. 

එසේ මිය ගොස් ඇති සෙබළුන් අතර බහුතරයක් රුසියාවේ Spetsnaz නම් විශේෂ බලකායේ සහ ගුවන් සංග්‍රාමික බලකායේ සෙබළුන් බවයි පැවසෙන්නේ.

ප්‍රතිවාදී පාර්ශවයෙන් බලාපොරොත්තු නොවූ ලෙස ප්‍රහාර එල්ල වීම නිසා කෝපයට පත්ව සිටින රුසියන් ජනාධිපතිවරයා කුමන උපක්‍රමයක් යොදා හෝ ඉලක්ක සපුරා ගන්නා ලෙස සිය හමුදාවන්ට අණ ලබා දී ඇති බවයි සඳහන් වන්නේ. 

ආයුධ විශේෂඥයින් පෙන්වා දෙන්නේ යුක්‍රේනය යටත් නොවන තත්ත්වයක් යටතේ රුසියාව රසායනික අවි ප්‍රහාර එල්ල කිරීමට වැඩි අවදානමක් ඇති බවයි. 

මේ අතර රුසියන් ජනාධිපතිවරයා න්‍යෂ්ටික යුද්ධයකට සූදානම් වන බව රුසියාවේ හිටපු විද්‍යාඥයෙක් අනතුරු අඟවා තිබෙනවා. රුසියන් ජනාධිපතිවරයා මේ වන විට ඒ සඳහා සියළු කටයුතු සූදානම් කර ඇති බවයි ඔහු පවසන්නේ. 

රුසියන් ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයින් සයිබීරියාවේ භූගත බංකරයකට යොමු කර ඇතැයි ද මෙම විද්‍යාඥයා අනාවරණය කරනවා. එය හුදෙක් බංකරයක් නොව සයිබීරියාවේ ඇල්ටාය කඳුකර ආසන්නයේ භූගතව ඉදිකල නගරයක් බවයි පැවසෙන්නේ. එම නගරයේ සුව පහසු ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සෑම පහසුකමක්ම ඇති බව මෙම විද්‍යාඥයා පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu