gossiplanka alexa සතියට දින තුනක් නිවසේ සිට රාජකාරිය කිරීමට නිර්දේශ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සතියට දින තුනක් නිවසේ සිට රාජකාරිය කිරීමට නිර්දේශ

රුසියා යුක්‍රේන ගැ‍ටුම් හේතුවෙන් මතුව ඇති ඉන්ධන අර්බුදය හමුවේ ගෝලීය තෙල් භාවිතා කිරීම අවම කිරීම සඳහා ජාත්‍යන්තර බලශක්ති ආයතනය විසින් නිර්දේශ මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා. එය කරුණු 10කින් සමන්විතයි. මෙමඟින් මාස හතරක් ඇතුළත ලෝකයේ තෙල් භාවිතය දිනකට බැරල් 2.7කින් අඩු කිරීමට ඉඩ ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා. 

නිර්දේශිත කරුණු

  • සතියට දින තුනක් නිවසේ සිට රාජකාරි කිරිමේ වැඩසටහනක් ආරම්භ කිරීම
  • ඉරිදා දිනයන්හිදී නගර මෝටර් රථවලින් නිදහස් දිනයක් බවට පත්කිරීම
  • පෙට්‍රල් ඩිසල් වාහන වෙනුවට ඉලෙක්ට්‍රික් වාහන සහ පරිසර හිතකාමී වාහන භාවිතය
  • විශාල නගර සඳහා පෞද්ගලික වාහන ඇතුලත් වීම සිමා කිරීම. (දින වෙන් කිරීම, වාහනයේ අංක තහඩු අනුව පැමිණීමේ ක්‍රමයක් සැකසීම)
  • පුද්ගලික වාහනවල ඉඩකඩ තවත් පුද්ගලයින් සමග බෙදාගැනීමට කටයුතු කිරීම.
  • පොදු ප්‍රවාහන සේවය හැකි සෑම අවස්ථාවකම භාවිත කිරීම, පා ගමනින් ගමන් කිරීම සහ පාපැදි භාවිතයට දිරිගැන්වීම.
  • අධිවේගී මාර්ගවල ධාවන වේගසීමා පැයට කිලෝමිටර් 10කින් අඩු කිරීම
  • භාණ්ඩ ප්‍රවාහනය කිරීම කාර්යක්ෂම අයුරින් සිදුකිරීමට වගබලා ගැනීම
  • ගුවන් යානා ඔස්සේ ප්‍රවාහනය වෙනුවට අධිවේගී දුම්රිය සහ රාත්‍රී දුම්රිය ගමන් වාර භාවිතයට යොමුවීම
  • ව්‍යාපාරික පන්තියේ ගුවන් ගමන් නවතා දමා ඒ වෙනුවට විකල්ප භාවිතයන්ට යොමුවීම






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu