gossiplanka alexa ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රිකට් නීති අළුත් වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රිකට් නීති අළුත් වෙයි

ක්‍රිකට් නීති සම්බන්ධව කටයුතු කරන මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නීති කිහිපයක් සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. 

දැනට පවතින නීතිය අනුව පිතිකරුවෙකු උඩ පන්දුවක් මඟින් දැවී යන අවස්ථාවක එකිනෙකා ලකුණක් ලබා ගැනීමට පැති මාරුකර තිබුණොත් පන්දුවට පහර දෙනු ලබන්නේ පිටියේ ‍රැඳි සිටින පිතිකරුවායි. නමුත් අළුත් නීතියට අනුව පිතිකරුවෙකු උඩ පන්දුවක් ලබා දී දැවී ගියවිට ඊළඟට පිටියට පිවිසෙන ක්‍රීඩකයා පන්දුවාරය නිමා වී නැත්නම් පමණක් ඊළඟ පන්දුවට මුහුණ දිය යුතුයි. 

පන්දුවට ඛේටය යොදා පිරිමැදීම තහනම් කිරීමද මෙම නව නීති යටතේ ක්‍රියාත්මකයි. කොවිඩ් 19 වෛරසය හේතුවෙන් එසේ සිදු කිරීම තාවකාලිකව තහහම් කර තිබූ අතර එය ස්ථිර තහනමක බවට පත් කිරීමට මෙහිදී මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය පියවර ගෙන තිබෙනවා. 

එසේම පන්දු යවන්නාගේ අන්තයේ ‍රැඳී සිටින පිතිකරුවා සීමා ඉර ඉක්මවා ගොස් ඇති අවස්ථාවක පන්දු යවන්නා විසින් කඩුල්ල බිඳ දමමින් මන්කාඩ් ක්‍රමයට පිතිකරුවා දවා ගැනීම, දුවද්දී දැවී යාමේ නීතියට ඇතුළත් කර තිබෙනවා. 

මීට අමතරව තරඟය පැවැත්වෙන අතරතුර ක්‍රීඩාංගනයට යම් පුද්ගලයෙකු හෝ සතෙකු පැමිණීම හේතුවෙන් කණ්ඩායම් දෙකටම අවාසියක් සිදුවන්නේ නම් එම පන්දුව අජීවි පන්දුවක් ලෙස සංඥා කිරීමට විනිසුරුවරයාට බලය ලබා දී තිබෙනවා. 

මේ වසරේ ඔක්තෝබර් මස පළමුවැනිදා සිට මෙම නව නීති ක්‍රියාත්මකයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu