gossiplanka alexa එකතු කළ අගය මත වැඩි වූ බද්ද

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එකතු කළ අගය මත වැඩි වූ බද්ද

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ (24) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත වුණා. ඒ අනුව 2022 ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මූල්‍ය ආයතන විසින් සපයනු ලබන  මූල්‍ය  සේවා  ‍සදහා වන එකතු කළ අගය මත බද්ද 15% සිට 18% දක්වා වැඩි කරනු ලබනවා.

එයට අමතරව ඕනෑම වසංගත තත්ත්වයක් හෝ මහජන හදිසි තත්ත්වයකදී රජයේ රෝහල් හා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත කෙරෙන වෛද්‍ය උපකරණ, යන්ත්‍ර සහ ඖෂධ පරිත්‍යාග පමණක් එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කිරිම සඳහා මෙම සංශෝධනය මගින් ප්‍රතිපාදන සැලසීමද සිදුවනවා.

මීට අදාළ පනත් කෙ‍ටුම්පත මෙතනින්

තවද ආදායම් මතවූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය සහ බදු නොගෙවා මගහැරීම වැළැක්වීම සදහා මෙරට ආණ්ඩුව සහ තුර්කි ජනරජයේ ආණ්ඩුව අතර 2022 ජනවාරි 28 දින ඇති කරගන්නා ලද ගිවිසුම දේශීය ආදායම් පනත යටතේ අනුමත කරගැනීමද එහිදී සිදුවුණා. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu