gossiplanka alexa බලශක්ති ඇමතිගේ රියදුරු ඝාතනය කිරීමට හේතුව ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බලශක්ති ඇමතිගේ රියදුරු ඝාතනය කිරීමට හේතුව ?

ගාමිණී ලොකුගේ බලශක්ති අමාත්‍යවරයාගේ ආරක්ෂක රථයේ රියදුරුවරයා ඝාතනය කිරීමේ පුවතක් ඊයේ (21) රාත්‍රියේ දී වාර්තා වුණා. 

ඝාතකයා විසින් රියදුරුට තියුණු ආයුධයකින් ඇණ පොලු මුඟුරුවලින් ද පහර දී ඝාතනය කර ඇති බවයි පැවසෙන්නේ. 

රියදුරුවරයාගේ නිවස ඉදිරිපිටින් අධික ශබ්දයක් පිටකරමින් තරුණයෙක් යතුරු පැදියක් කිහිපවතාවක් ධාවනය කර ඇති අතර රියදුරා විසින් තරුණයා සමඟ කතා බහක් ඇති කරගෙන තිබෙනවා. එයින් උරණ වූ තරුණයා ඔහුගේ නිවසට ගොස් තවත් පිරිසක් සමග පැමිණ මෙලෙස රියදුරාට පොලු මුගුරුවලින් පහර දී තියුණු ආයුධයකින් ඇන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි සඳහන් වන්නේ. 

බරපතළ තුවාල ලද රියදුරා පිලියන්දල දිසා රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව වාර්තාවනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කැස්බෑව, මාවිත්තර, ගම්මාන වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි වියේ පසුවූ දෙදරු පියෙක්. 

ඝාතනයට සම්බන්ධ පිරිස් සොයා පොලිසියේ ඊයේ 21 රාත්‍රී එම ප්‍රදේශයේ නිවෙස් කීපයකට ගියද ඔවුන් ප්‍රදේශය හැර පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ. කැස්බෑව පොලිසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu