ජාත්‍යන්තර වෘත්තීය පාපන්දු පිටිය තුල වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා බවට පත් වීමට පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්ව තිබෙනවා. 

එම වාර්තාවට ඔහු හිමිකම් ලැබූවේ ඒංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරඟාවලියේ දී මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම වෙනුවෙන් ඔහු ලබා ගත් ගෝල ත්‍රිත්වයත් සමඟින්. ඒ අනුව වෘත්තීය පාපන්දු පිටිය තුළ රොනාල්ඩෝ ගෝල 807ක් ලබා සිටිනවා. මීට පෙර එම වාර්තාව අත් කර ගෙන තිබුණේ චෙක් ජනරජයේ ජෝසෆ් බිකන් (1931 සිට 1955 දක්වා) ය. ඒ ගෝල 805ක් සමඟින්. 

මීට අමතරව ජාත්‍යන්තර පාපන්දු පිටියේ වැඩිම ගෝලලාභියා ලෙස ද රොනාල්ඩෝ පෙරමුණේ සිටිනවා. ඔහු පෘතුගාලය නියෝජනය කරමින් ගෝල 115ක් ලබා ගෙන තිබෙනවා.