gossiplanka alexa ගෑස් සහ ඉන්ධන වෙළඳපොළ පිළිබඳව රුසියාවෙන් භයානක අනතුරු ඇඟවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෑස් සහ ඉන්ධන වෙළඳපොළ පිළිබඳව රුසියාවෙන් භයානක අනතුරු ඇඟවීමක්

අමෙරිකාව, රුසියාවෙන් ඉන්ධන, ගෑස් සහ ගල් අඟුරු ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුසියන් ඉන්ධන තවදුරටත් ඇමරිකානු වරායන් වෙත පිළිනොගන්නා බවයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කරන්නේ. එසේම අමෙරිකාව ඉදිරියේ දී රුසියාවට වඩා බලවත්  රටවල් සමඟ ගනුදෙනු කිරීමට සූදානම් බව ජනාධිපතිවරයා පවසනවා. 

බ්‍රිතාන්‍යය ද පවසා ඇත්තේ රුසියාවෙන් ඉන්ධන ආනයනය තහනම් කිරීමට තීරණය කර ඇති බවයි. නමුත් එම තහනම මේ අවුරුද්ද අවසානයේ දී ක්‍රියාත්මක වන බවයි ඔවුන් පවසන්නේ. බ්‍රිතාන්‍යය මේ වන විටත් ඉන්ධන අර්බුදයකට මුහුණ දී සිටින අතර බ්‍රිතාන්‍යයේ පෙට්‍රල් මිල වාර්තාගත ලෙසින් ඉහළ ගොස් තිබෙනවා. 

කෙසේ වෙතත් යුරෝපා සංගමය විසින් රුසියාවෙන් සිදුකරන ඉන්ධන සහ ගෑස් ආනයනය කිරීම නතර කිරීම පිළිබඳව මෙතෙක් තීරණය කර නැහැ. යුරෝපා සංගමය ප්‍රධාන වශයෙන් යැපෙන්නේ රුසියාවෙන් ආනයනය කරනු ලබන ඉන්ධන සහ ගෑස් මතයි. 

මේ වන විට රුසියාවෙන් අනතුරු අඟවා ඇත්තේ තම රටේ සිට ජර්මනිය දක්වා දිවෙන ගෑස් නල මාර්ගය වසා දමන බවටයි. එසේම ඉන්ධන සහ ගෑස් තම රටෙන් ආනයනය කිරීම තහහනම් කළහොත් ගෝලීය ආර්ථිකය මෙන්ම ජාත්‍යන්තර වෙළඳපල ද භයානක ප්‍රතිවිපාක රැසකට මුහුණ පානු ඇති බව රුසියාව අනතුරු අඟවනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu