gossiplanka alexa IOCයට කැමති ආකාරයට තෙල් මිල ඉහළ දමන්න පුළුවන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

IOCයට කැමති ආකාරයට තෙල් මිල ඉහළ දමන්න පුළුවන්

IOC සමාගම තමන්ට අවශ්‍ය පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමූව ද එයට නීතිමය පියවර ගත නොහැකි බව බලශක්ති අමාත්‍යාංශය පවසා තිබෙනවා. 

2006 වසරේ දී IOC සමාගම මුදල් අමාත්‍යාංශය සමඟ ඇතිකරගත් ගිවිසුමට අනුව එම සමාගමට අවශ්‍ය පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමේ හැකියාව පවතින බවයි බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකවරයෙකු පවසා ඇත්තේ. 

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග ගැන විමර්ශනය කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබා ගැනීමට බලශක්ති අමාත්‍යාංශය බලාපොරොත්තුවන බවයි පැවසෙන්නේ. එසේ වුවහොත් කැබිනට් මණ්ඩල තීරණයක් අනුව නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමටත් එසේ නොවුණහොත් අවශ්‍ය තෙල් ප්‍රමාණයන් තෙල් සංස්ථාව මඟින් බෙදා හැරීමටත් බලාපොරොත්තුවන වන බවයි ප්‍රකාශකවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ. කරු ජයසූරිය මහතා අමාත්‍යධූරයේ ක්‍රියා කරන කාලයේ සමඟ සිදු කළ මෙම ගිවිසුම අනුව මිල වැඩි කිරීම ගැන නීතිමය පියවර ගත නොහැකි බවත් ඔහු පවසනවා.

IOC සමාගම සහ ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව  වරාය ගාස්තු, ණය පොලිය, ලෝක වෙළඳපලේ ඉන්ධන මිල ගණන්, නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු, බෙදාහැරීම් නියෝජිතයින්ගේ ගාස්තු, ඩොලරයේ අගය සහ ලාභය යන කරුණු අනුව ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබඳව තීරණය කරනවා. ඛණිජතෙල් නීතිගත සංස්ථාවට යම් අලාභයක් සිදුවුවත් ආණ්ඩුවේ මැදිහත්වීමකින් තොරව ඉන්ධන මිල ඉහළ දැමීමට අවසර හිමිවන්නේ නැහැ. ඒ ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන මිල ගණන් තීරණය කරනු ලබන්නේ ආණ්ඩුවේ මැදිහත්වීමෙන් නිසයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu