gossiplanka alexa රුසියාව යුක්‍රේන ආක්‍රමණයකට හේතු සොයන ලකුණු ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුසියාව යුක්‍රේන ආක්‍රමණයකට හේතු සොයන ලකුණු ?

නැගෙනහිර යුක්‍රේනයේ නගර දෙකක පිපිරීම තුනක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය පවසනවා. යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් සහ ලුහන්ස්කා යන නගර දෙකෙහි මෙම පිපිරීම් සිදුව ඇතු අතර එම නගර දෙක රුසියානු හිතවාදී කැරලිකරුවන් විසින් පාලනය කරන බවයි පැවසෙන්නේ.

ඩොනෙට්ස්ක් හි රුසියානු හිතවාදියකු වන කැරලිකාර හමුදාවේ ආරක්ෂක ප්‍රධානී ඩෙනිස් ශිනෙන්කොව් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරයන් එල්ල වී තිබෙන නමුත් ප්‍රහාරයෙන් ඔහුට කිසිදු අනතුරක් සිදුව නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පළමු පිපිරීම සිදුව ඇත්තේ ජීප් රථයක වන තර දෙවන පිපිරීම සිදුව ඇත්තේ ගෑස් නලයකය. තෙවැනි පිපිරීම ලුහන්ස්ක් නගරයේ ඉන්ධන හලක සිදුව තිබෙනවා.

ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පාර්ශවයක් වගකීම ගෙන නොමැති අත්‍ර රුසියාව යුක්රේන හමුදාවන්ට පිපිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරනවා. නමුත් යුක්‍රේන හමුදා එම චෝදනා ප්‍රතික්ෂේප කර සිටිනවා. යුක්‍රේන හමුදා පවසන්නේ තමන්ට යුද්ධයක් අවශ්‍ය නොවන බවයි. 

මේ සම්බන්ධයෙන් බටහිර රටවල් පවසන්නේ යුක්‍රේනය ආක්‍රමණය කිරීමට සාධාරණ හේතුවන් ලබා ගැනීම සඳහා රුසියාව විසින්ම රුසියානු හිතවාදීන්ට පහර දී ඇති බවයි. 

මෙම සිදුවීමෙන් පසුව සිවිල් වැසියන් ලක්ෂ 7ක් රුසියාව වෙත යැවීමට තීරණය කර ඇති බව ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුවේ නායකයා පවසනවා. මේ වන විට කාන්තාවන් සහ ළමුන් රුසියාව වෙත ඉවත් කරන වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරනවා. නමුත් මෙම වීඩියෝවල මෙටා ඩේටා පරීක්ෂා කිරීමේ දී හෙළිව ඇත්තේ එම වීඩියෝ මෙම සිද්ධිය වීමට දින දෙකකට පෙර පටිගත කළ වීඩියෝ බවයි. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu