gossiplanka alexa වෛද්‍ය වැඩවර්ජනය තාවකාලිකව නතර කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වෛද්‍ය වැඩවර්ජනය තාවකාලිකව නතර කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (18) දිනයේ දී පවත්වනු ලැබුවා. එයට සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම සෞඛ්‍ය අමාත්‍ය ලේකම් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද සහභාගි වුණා. 

එම සාකච්ඡාවේ දී පහත තීරණවලට එළඹ තිබුණා.

1. රාජ්‍ය සේවයේ වැටුප්, දීමනා සහ වැටුප් පරිමාණ පිළිබඳ සියලු ගැටළු විසදීම කැබිනට් පත්‍රිකා මඟින් සිදු නොකර ජාතික වැටුප් කොමිෂන් සභාවට යොමු කළ යුතු බවත්, ජාතික වැටුප් ප්‍රතිපත්තිය ආරක්ෂා වන ලෙස කටයුතු කළ යුතු බවටත් කැබිනට් මණ්ඩලයට සටහනක් ඉදිරිපත් කිරීම.

2. ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ 2022 වාර්ෂික ස්ථානමාරු ලැයිස්තුව පෙර පැවති ආකාරයට හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීම.

3. ශ්‍රී  ලංකා වෛද්‍ය සභාවේ නිලවරණ රෙගුලාසි පාර්ලිමේන්තු අනුමැතිය සඳහා යොමු කිරීම. 

4. ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ සහ විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ උසස් වීම් පටිපාටිය යාවත්කාලීන කිරීම. 

ඒ අනුව, 2022 පෙබරවාරි 21 වන සඳුදා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු වෛද්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කළා. 

ඉහත එකඟතා ක්‍රියාත්මක වන ආකාරය අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරියේ ගනු ලබන ක්‍රියාමාර්ග තීරණය කරනු ඇති. එසේම ජාතික වැටුප් ප්‍රතිපත්තිය ආරක්ෂා කරමින් වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා නිවැරදි කිරිම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ යෝජනා මාලාවක් ජාතික වැටුප් කොමිසමට, ඉදිරි සතිය තුල යොමු කිරිමට කටයුතු කරන අතර, පවතින ජාතික ප්‍රතිපත්ති විනාශ කරනවා වෙනුවට එම ප්‍රතිපත්ති නිවැරදි කරමින් ප්‍රතිපත්තිගරුක රටක් බිහි කිරිම සදහා පුළුල් වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලාපොරොත්තු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu