gossiplanka alexa ප්‍රවාහනය ක්ෂේත්‍රයේ සංවර්ධනයට අළුත් පියවර ‍රැසක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රවාහනය ක්ෂේත්‍රයේ සංවර්ධනයට අළුත් පියවර ‍රැසක්

ඉකුත් පාලන සමයේ ඇණවුම් කර ආනයනය කළ දුම්රිය මැදිරිවල තාක්ෂණික දෝෂ නිවැරදි කර වහාම ධාවනයට යොදවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ප්‍රවාහන, ප්‍රවාහන නියාමන බස්රථ සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති අවස්ථාවේදී ජනාධිපතිතුමා මෙම උපදෙස් දෙනු ලැබුවා.

ඉකුත් පාලන කාලයේ දී ඇණවුම් කරන ලද දුම්රිය මැදිරි කට්ටල ගණන 160කි. එම ප්‍රමාණයෙන් දැනට දුම්රිය මැදිරි 120ක් මෙරටට ගෙන්වා ඇති අතර එයින් ධාවනයට එක්කර ඇති මැදිරි සංඛ්‍යාව 40කි. මෙතෙක් ධාවනයට එක් නොකළ මැදිරි සියල්ල කඩිනමින් ධාවනයට යොදවන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නා. 

ධාවනයේ යෙදවිය හැකි එහෙත් ධාවනයෙන් ඉවත් කර ඇති බස්රථ අලුත්වැඩියා කර කෙටි දුර ධාවනයට එක් කරන ලෙසත් ග්‍රාමීය ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා එයින් සපුරා ගැනීමට අවස්ථාව උදාවන බව ත් ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබුවා. සියලු වෘත්තීය සමිති සහ සේවකයන් සමග මිත්‍රශීලීව කටයුතු කිරීමෙන් ප්‍රවාහන පද්ධතියේ ඇති ගැටලු විසඳා ගැනීමට කටයුතු කිරීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා ජනතාව පීඩාවට පත් කරන, වෘත්තීය අරගල නතර කිරීමට සියලු පාර්ශ්වයන් අවබෝධයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළා.

ප්‍රවාහන ක්ෂේත්‍රය විධිමත්ව පවත්වාගෙන යාමට අවධානය යොමුකළ යුතු බවත් තාක්ෂණය සහ නීතිරීති ක්‍රමවත් කිරීමෙන් බලපාන බොහෝ දුෂ්කරතා නිරාකරණය කරගත හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. එසේම සංචාරකයන්  ඉලක්ක කරගනිමින් සංචාරක කලාප ආවරණය වන පරිදි මගී සේවාවක් ක්‍රියාත්මක කරන්නැයි ද ජනාධිපතිතුමා බලධාරීන්ට උපදෙස් ලබා දුනා.

 පවතින සේවක අතිරික්තය බරපතළ ගැටලුවක් බව නිලධාරීන් මෙහිදී පෙන්වා දුන් අතර කිසිඳු සේවකයෙකු ඉවත් නොකොට නිසි පුහුණුවක් ලබා දී ඔවුන්ගේ සේවය ලබාගත හැකි ක්‍රමවේද කඩිනමින් සකස් කරන්නැයි ද ජනාධිපතිතුමා නිලධාරීන්ට පවසාඅ ස්ටියා.

අනාගතයේ ඇතිවිය හැකි ඉන්ධන අර්බුදය සහ පාරිසරික ගැටලු පිළිබඳ අවධානය යොමු කොට ඉදිරියේ දී මගී ප්‍රවාහනය සඳහා විද්‍යුත් බස් රථ 100ක් ආනයනයට ඇති හැකියාව පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරුණා. ප්‍රවාහන සේවය සම්බන්ධයෙන් ජනතාවගේ මැසිවිලි ගැන අවධානය යොමු කොට ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ලබාදීමට සියලු දෙනා කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා අවධාරණය කළා.

බස් ගාස්තු වැඩි කොට මගී ජනතාව අපහසුතාවයට පත් කිරීමට රජය සූදානම් නැති බවත් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඇති දූෂණ හා අක්‍රමිකතා නතර කිරීමෙන් වර්තමානයේ ප්‍රවාහන සේවය මුහුණ දෙන ඇතැම් ගැටලුවලට ඒ තුළින් විසඳුම් සොයා ගත හැකි බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙහිදී පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu