gossiplanka alexa යුක්‍රේනය ආක්‍රමණයට රුසියන් ජනාධිපති නියෝග කර ඇති බවට අනාවරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යුක්‍රේනය ආක්‍රමණයට රුසියන් ජනාධිපති නියෝග කර ඇති බවට අනාවරණයක්

රුසියන් ජනාධිපති ව්ලැඩිමියර් පුටින් විසින් රුසියානු විශේෂ බලකායට යුක්‍රේනය ආක්‍රමණය කිරීම සඳහා නියෝග ලබා දී ඇතැයි අමෙරිකානු බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

රුසියානු විශේෂ බලකාය මේ වන විට යුක්‍රේනය ඉලක්ක කරගනිමින් සිදුවන ආක්‍රමණය සඳහා අවසන් සැලසුම් සකස් කරමින් පවතින බවයි පැවසෙන්නේ. එසේ ආක්‍රමණයක් එල්ල කිරීමට පෙර සයිබර් ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බවයි තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ. සයිබර් ප්‍රහාරයත් සමඟම මිසයිල සහ ගුවන් ප්‍රහාර සමඟ ගොඩබිම හමුදා යුක්‍රෙනය ආක්‍රමණය කරනු ඇති බවයි යුද් විශ්ලේෂකයන් පවසන්නේ. මේ වන විට යුක්‍රේන දේශ සීමා ආසන්නයේ රුසියානු හමුදාවෙන් 75%ක ප්‍රමාණයක් ස්ථාන ගත කර ඇති බව අමෙරිකානු බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබෙනවා. රුසියානු ගුවන් සංග්‍රාමික බලකායේ 35%-50% ත් අතර භට පිරිසක් සහ සෙසු බල සේනාංක භට පිරිස් 75%ක ප්‍රමාණයක් මෙලෙස ස්ථානගත කර ඇති බවයි පැවසෙන්නේ. 

එසේම එම භට පිරිස් සමඟ රුසියානු ප්‍රාහරක ජෙට් යානා 500ක් සහ අර්ධ ප්‍රහාරක සහ බෝම්බ හෙලන ගුවන් යානා 50ක් ද ස්ථාන ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu