gossiplanka alexa "අල්කයිඩා ගෙදර" නිසා කොටදෙණියාවේ ගමක් භීතියෙන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"අල්කයිඩා ගෙදර" නිසා කොටදෙණියාවේ ගමක් භීතියෙන්

ආයුධ සන්නද්ධ මැර කල්ලියක් කොටදෙණියාව, වත්තේමුල්ල ගම්මානයේ ජීවත්වන පිරිස් බියට පත් කරමින් හැසිරෙන බව වාර්තා වනවා. එම අමෙර කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකු කො‍ටු කර ගැනීමට පොලීසියට හැකිව තිබෙනවා. 

ආයුධ සන්නද්ධ මැර කල්ලිය ගම්වාසීන් කපා කොටා ඝාතනය කරන බවට බිය ගන්වමින් ආයුධ සන්නද්ධව ප්‍රදේශය පුරා හැසිරෙන බවට ප්‍රදේශවාසීන් විසින් කොටදෙණියාව පොලීසියට පැමිණිලි ඉදිරිපත් කර  තිබෙනවා. මෙම කල්ලිය විසින් විවිධ කොල්ලකෑම්, සොරකම් හා පහරදීම් සිදු කිරීම හේතුවෙන් බියට පත් ගම්වාසීන් දිවා රෑ දෙකේම නිවෙස් තුළටම වී දොරගලු වසාගෙන සිටින බවද වාර්තා වනවා. 

මෙම ආයුධ සන්නද්ධ මැර කල්ලිය ගම්වාසීන්ගේ අත් පා කපමින් මරණ තර්ජනය කරන බව පවසමින් මෙලෙස හැසිරීම පිළිබඳව ගම්වාසීන් කොටදෙණියාව පොලීසියට කොතෙක් පැමිණිල කල ද පොලීසිය ඒ පිළිබඳව දක්වන උදාසීනබව නිසා ඊයේ (2) වත්තේගම ගම්වාසීන් දිවුලපිටිය, මීරිගම ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක්, වත්තේමුල්ල ප්‍රදේශයෙන් අවහිර කරමින් මැර කල්ලිය අත් අඩංගුවට ගන්නා ලෙස බල කරමින් උද්ඝෝෂනයක නිරත වුණා. 

පසුව පොලීසිය පැමිණ මැර කණ්ඩායම් කො‍ටු කර ගන්නා බවට දුන් පොරොන්දුවක් මත ගම්වාසීන් උද්ඝෝෂනය නවතා දැමුවා. 

ඉන් අනතුරුව සිදු කල විමර්ශනවල දී පොලීසිය විසින් මැර කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. අත් අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා එකම පවුලේ සාමාජිකයින් බවයි වාර්තා වන්නේ. මැර කල්ලියේ එකම පවුලක සොහොයුරක් හතර දෙනෙකුම සිටින බව තොරතුරු අනාවරණය කරගෙන තිබෙන අතර ඉන් දෙදෙනෙක් මෙලෙස අත් අඩංගුවට ගෙන තිබෙනවා. පසුගියදා කොටදෙණියාවෙන් අතුරුදහන් වූ දරුවන් දෙදෙනාගේ පවුලට අයත් නව දෙනෙකුගෙන් යුත් සහොදරයන් හතරදෙනෙකු මෙලෙස මැර කණ්ඩායමේ සාමාජිකයින් ලෙස කටයුතු කරන බව ප්‍රදේශවාසීන් පවසනවා. 

මෙම මැර කල්ලිය පිළිබඳව පොලීසියට තොරතුරු ලබා දීමට ගිය පුද්ගලයෙකුගේ නිවසට කඩා වැදුණු කල්ලි සාමාජිකයින් ඔහුගේ තුන් හැවිරිදි සහ හය හැවිරිදි දියණියන් දෙදෙනා කපා කොටා ඝාතනය කිරීමට තැත් කර ඇති අතර ඔවුන් බේරාගැනීමට පැමිණි අසල නිවසක සිටින වයෝවෘද්ධ යුවළකට තියුණු ආයුධවලින් පහරදීම නිසා ඔවුන් රෝහල් ගතකර ඇති බවයි පැවසෙන්නේ. 

ඇතැම් අය මෙම සහෝදරයින් සිව් දෙනා පදිංචි නිවස "අල්කයිඩා ගෙදර" ලෙස හඳුනවා. මොවුන්ගේ බිය වැද්දීම් නිසා ඇතැම් ප්‍රදේශවාසීන් නිවෙස් හැරදමා  ගමින් පිටව ගොස්  ඇති බව ද වාර්තා වනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu