gossiplanka alexa රාජ්‍ය අමාත්‍යවරයෙක් ඇමති ධූරයෙන් ඉවත්වීමට තීරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජ්‍ය අමාත්‍යවරයෙක් ඇමති ධූරයෙන් ඉවත්වීමට තීරණයක්

තම අමාත්‍යංශ ලේකම්වරයා අමාත්‍යාංශයේ කටයුතුවලට අවශ්‍ය ප්‍රතිපාදන ලබා නොදීම හේතුවෙන් ඇති වූ මතභේදාත්මක ගැටළුවක් මත ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. 

මාර්ග සංවර්ධන ව්‍යාපෘති කිහිප්යකට මුදල් ගෙවීම සහ මෙම වසරේ මුදල් වැය කිරීම පිළිබඳව ඇමතිවරයා සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අතර ඊයේ (15) මත ගැ‍ටුමක් ඇති වී තිබෙනවා. ඇමතිවරයා සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට තමන්ගේ බඩු භාහිරාදිය ඉවත් කර ගන්නා ලෙස ද දැනුම් දී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

තමන්ගේ ආත්ම ගරුත්වය වෙනුවෙන් නිහඬ වීමට දැන් කාලය එළඹ ඇති බවත් සිදුවන අක්‍රමිකතා වලට පිළිතුරු දීමට කොමිෂන් හමුවේ පෙනී සිටීමට තමන්ට නොහැකි බවත් නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇති බව සඳහන්. 

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටස ඉදිකිරීම සම්බන්ධයෙන් ද මතුව ඇති අර්බුදකාරි තත්ත්වය පිළිබඳව ද රාජ්‍ය අමාත්‍යවරයා කණස්සල්ලෙන් පසුවන බවයි පැවසෙන්නේ. පසුගියදා සිදු කෙරුණු මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස විවෘත කිරීමේ උත්සවයට ද නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා සහභාගී වී නැහැ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu