gossiplanka alexa ලංකා සතොස ජල බෝතල් සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතනවලට වට්ටම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලංකා සතොස ජල බෝතල් සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතනවලට වට්ටම්

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සඳහා ලංකා සතොස ජල බෝතල් තොග සැපයීමේ දී සුවිශේෂී වට්ටමක් ලබා දීමට පියවර ගෙන තිබෙන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

පසුගිය දා ලංකා සතොස අළෙවිසැල් ජාලය හරහා රු.35/=කට අළෙවි කිරීම හා භාවිතා කරන ලද ලංකා සතොස ජල බෝතල් නැවත ලබා දීමේ දී රු.10/=ක් නැවත ගෙවීමත් සිදු වේ. ඒ අනුව, පානීය ජල බෝතල් වැඩි වශයෙන් භාවිතා කෙරෙන රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සඳහා මෙම ලංකා සතොස ජල බෝතල් තොග ලබා ගැනීමේ දී 17.2%ක වට්ටමක් සහිතව රු.29/=ක සුවිශේෂී මිලකට ලබා දීමටත්, එම බෝතල් නැවත ලබා දීමේ දී බෝතලයක් සඳහා රු.10/=ක මිලක් ලබා දීමටත් කටයුතු සලසා ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඒ අනුව, ලංකා සතොස මිලිලීටර් 500 පානීය ජල බෝතල් භාවිතයෙන් පසු නැවත ලබා දීම තුළ, එක් බෝතලයක් සඳහා මෙම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන විසින් වැය කළ යුත්තේ රු.19/=ක් පමණක් වන බව ද අමාත්‍යවරයා පවසනවා.

තිරසර සංවර්ධනයක සුවිශේෂී ලක්ෂණයක් වන, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පරිසරයට වන හානිය අවම කිරීමේ අරමුණ සාක්ෂාත් කිරීමට මෙමඟින් හැකියාව ලැබෙන බවත්  ලක්ෂ සංඛ්‍යාත ප්ලාස්ටික් ජල බෝතල් භාවිතයෙන් පසු මුදා හැරීම තුළ පරිසරයට වන හානිය අවම කිරීම සඳහා මෙවැනි ක්‍රමවේද භාවිතා කිරීමට සෑම ව්‍යවසායකයෙකුම කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා.

ප්ලාස්ටික් භාවිතා කරන්නා එම ප්ලාස්ටික් බෝතලය පරිසරයට මුදා හැරීම වළක්වා ගැනීමේ අරමුණින් , භාවිතා කළ බෝතලය සඳහා මිලක් ලබා දීම ලොව පුරා රටවල් 40ක පමණ  අති සාර්ථක අන්දමින් භාවිතා කරන බව පවසන අමාත්‍යවරයා මෙම ප්‍රතිචක්‍රීයකරණ ක්‍රමවේදයන් සඳහා සෑම පුරවැසියෙකුගේම දායකත්වය ලබා දෙන මෙන් ඉල්ලීමක් කරනවා.

එමෙන්ම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සඳහා මෙම ජල බෝතල් ලබා ගැනීම, මහජනතාවගේ බදු මුදල් සඳහා වැඩි වටිනාකමක් ලබා දෙන ආකාරයේ ජාතික ව්‍යාපෘතියක් වශයෙන් පෙන්වා දෙන අමාත්‍යවරයා, ඒ අනුව සෑම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනයක්ම, ලංකා සතොස පානීය ජල බෝතල් මිලට ගැනීමට කටයුතු කර, එම භාවිතයෙන් පසු බෝතල් නැවත ලබා දෙමින් වැය වූ මුදලින් කොටසක් නැවත ලබා ගන්නා අතරතුර පරිසරය සුරක්ෂිත කිරීමට දායකත්වය ලබා දීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu