gossiplanka alexa IPL සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ වටිනාකම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

IPL සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ වටිනාකම්

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන අවසන් ක්‍රීඩක ලැයිස්තුව එම තරඟාවලියේ සංවිධායකයින් විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ක්‍රීඩක වෙන්දේසිය ලබන 12 සහ 13 වන දින බැංගලෝර් හි පැවැත්වීමට නියමිතයි. එම වෙන්දේසියට ක්‍රීඩකයින් 590 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉන් 228 දෙනෙකුම ජාත්‍යන්තර වරම් දිනා ඇතිඔ ක්‍රීඩකයින් වනවා. 

එම සංචිතයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 23 දෙනෙකු ද ඇතුළත්. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 36 දෙනෙකු වෙන්දේසිය සඳහා ලියපදිංචි වී තිබුණ ද වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ක්‍රීඩකයින් 23ක් පමණයි. ඒ අතරට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ සහ 19න් පහළ කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණගේ ද නම් ඇතුළත්. 

වෙන්දේසිය සිදුවන්නේ වටිනාකම් සහිත කාණ්ඩ යටතේ වන අතර ඉන්දීය රුපියල් කෝටි දෙකක මූලික වටිනාකමක් හිමිවන කාණ්ඩය යටතේ ක්‍රීඩකයින් 48 ක්ද, ඉන්දීය රුපියල් කෝටි 1.5ක් මූලික වටිනාකමක් හිමිවන කාණ්ඩය යටතේ ක්‍රීඩකයින් 20ක් ද,  ඉන්දීය රුපියල් කෝටි 1.5ක් මූලික වටිනාකමක් හිමිවන කාණ්ඩය යටතේ ක්‍රීඩකයින් 34ක් ද ලියාපදිංචි වී තිබෙනවා. 

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලියාපදිංචි වී ඇති මූලික වටිනාකම්

  • වනිදු හසරංග – ඉන්දීය රුපියල් කෝටි 1
  • දුෂ්මන්ත චමීර – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  • මහේෂ් තීක්ෂණ – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  • චරිත් අසලංක – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  • නිරෝෂන් දික්වැල්ල – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  • කුසල් මෙන්ඩිස් – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  • කුසල් පෙරේරා – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  • අකිල ධනංජය – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  • භානුක රාජපක්ෂ – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  • මතීෂ පතිරණ – ඉන්දීය රුපියල් ලක්ෂ 20
  • අවිශ්ක ප්‍රනාන්දු – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  • පැතුම් නිස්සංක – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  • චාමික කරුණාරත්න – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  • දසුන් ශානක – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  • කෙවින් කොත්තිගොඩ – ඉන්දීය රුපියල් ලක්ෂ 20
  • තිසර පෙරේරා – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  • ළහිරු කුමාර – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  • ඉසුරු උදාන – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  • නුවන් තුෂාර – ඉන්දීය රුපියල් ලක්ෂ 20
  • ධනුෂ්ක ගුණතිලක – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  • ධනංජය ලක්ෂාන් – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  • සීක්කුගේ ප්‍රසන්න – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  • දුනිත් වෙල්ලාලගේ – ඉන්දීය රුපියල් ලක්ෂ 20

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu