gossiplanka alexa යුක්‍රේනයේ න්‍යෂ්ටික බලාගාර කලාපයක සටන් උග්‍ර වෙයි, සමස්ථ යුරෝපයම විකිරණශීලී අවදානමක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යුක්‍රේනයේ න්‍යෂ්ටික බලාගාර කලාපයක සටන් උග්‍ර වෙයි, සමස්ථ යුරෝපයම විකිරණශීලී අවදානමක

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට ආරම්භ කිරීමෙන් පසු යුක්රේන අගනුවරට සැතපුම් 60ක් උතුරින් පිහිටි චර්නොබ්ලි න්‍යෂ්ටික බලාගාරය පිහිටි කලාපයේ යුද ගැ‍ටුම් උග්‍ර වෙමින් පවතිනවා. ඒ හේතුවෙන් සමස්ථ යුරෝපා කලාපයටම විකිරණශීලී බලපෑමක් එල්ලවීමේ අවදානමක් මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

යුක්‍රේන හමුදා සහ රුසියන් හමුදාව අතර එම ප්‍රදේශයේ මේ වන විට දැඩි සටන් පවතින බව යුක්‍රේන බලධාරීන් පවසනවා. 

1986 වර්ෂයේදී පිපිරීමකට ලක් වූ මෙම න්‍යෂ්ටික බලාගාරයේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගබ්ඩා කිරීමේ සංකීර්ණවල තබා තිබෙන අතර යුද ගැ‍ටුම් පවතින්නේ එම කලාපය තුලයි.  පවතින සටන් තත්ත්වය සමඟ යම් හෙයකින් න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගබඩා කර ඇති පහසුකම් විනාශ වුවහොත් එහි විකිරණශීලීත්වය යුක්රේනය, බෙලරුස් සහ යුරෝපා කලාපයටම දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය අනතුරු අඟවා සිටින්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu