gossiplanka alexa මතභේදාත්මක තීරණ මැද ඕස්ට්‍රේලියාවට තියුණු ජයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මතභේදාත්මක තීරණ මැද ඕස්ට්‍රේලියාවට තියුණු ජයක්

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරඟයෙන් තියුණු ජයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියාවට හැකියාව ලැබුණා. ඒ දෙපිළේම ලකුණු සමාන වීම හේතුවෙන් සුපිරි පන්දු වාරයක් ද පැවැත්වීමෙන් අනතුරුවයි. 

පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 164ක් ‍රැස් කල අතර එම ලකුණු හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ද පන්දු වාර 20 අවසානයේ දී ලකුණු 164ක් ලබා ගත්තා. අවසන් පන්දුවාරයේ දී ශ්‍රී ලංකා පිලට ලකුණු 19ක් අවශ්‍ය වූ අතර ලංකාවට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 18ක් පමණයි. මෙහිදී විනිසුරුවරු ලබා දුන් ඇතැම් තීරණ ද දැඩි විවේචනයන්ට ලක් වුණා. ඕස්ට්‍රේලියා කණ්ඩායම විසින් යවනු ලැබූ වයිඩ් පන්දු, වයිඩ් පන්දු ලෙස නම් නොකිරීම දැඩි මතභේදයන්ට ලක් වුණා. 

සුපිරි පන්දු වාරයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ‍රැස් කලේ එක් කඩුල්ලක් දැවී ලකුණු 05ක් පමණයි. දසුන් ශානක සහ දිනේෂ් චන්දිමාල් පිතිකරුවන් ලෙස එහිදී පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත්තා. දෙවනුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දු 3ක දී එම ඉලක්කය පසු කරමින්  ජයග්‍රහණය ලබා ගත්තා. මේ අනුව ඕස්ට්‍රේලියාව විස්සයි විස්ස තරඟාවලියේ 2-0 ලෙසින් ඉදිරියෙන් සිටිනවා. 

මේ අතර 20-20 දෙවන තරඟය නැරඹීම සඳහා ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට එරට ක්‍රිකට් බලධාරීන් විසින් අඩු සැලකිලි දක්වා ඇතැයි වාර්තා වනවා. ඔවුන්ට ඊයේ තරඟය නැරඹීමට සිදු වූයේ ද සිඩ්නි ක්‍රීඩාංගනයේ සාමාන්‍ය ප්‍රේක්ෂකාගාරයේ සිටයි. 

australia srilanka t20 cricket

විදෙස් රටක ක්‍රිකට් නිලධාරීන් කණ්ඩායමක් පැමිණි අවස්ථාවක දී සත්කාරක රට එම නිලධාරීන් සඳහා ඉහළ ආගන්තුක සත්කාර සිදු කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වනවා. එවන් පසුබිමක ඕස්ට්‍රේලියාවේ දී තම නිලධාරීන්ට මෙවැනි අඩු සැලකිල්ලක් දැක්වීම කණගා‍ටුදායක බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු පවසා ඇත්තේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu