gossiplanka alexa මල්වර උත්සවය දා අවසන් ගමන් ගිය දැරිය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මල්වර උත්සවය දා අවසන් ගමන් ගිය දැරිය

වැලිගම, මුදුගමුව, කබරල ගෙවත්ත නිවසක දියණියක් වැඩිවියට පත් වීම නිමිත්තෙන් පසුගිය 22 වනදා උත්සවයක් පැවැත්වුණා. එම උත්සවය පැවැත්වීමෙන් අනතුරුව පැමිණි සිටි දරුවන් මුහුදේ දිය නෑම සඳහා අවශ්‍ය බව ඉල්ලා සිටියා. දරුවන්ගේ ඉල්ලීම පරිදි පසුගිය 23 වන දින දහවල් වැඩිහිටියන් කිහිපදෙනෙක් සහ දරුවන්ද ඇතුළුව 19 දෙනෙකු පමණ වැලිගම වෙරළ උද්‍යානය ඉදිරිපිට මුහුදු තීරයේ දිය නෑමට ගොස් තිබුණා. මල්වර වියට පත් දැරියද ඒ අතර සිටියා. 

දරුවන් වෙරළේ සෙල්ලම් කරමින් සිටිය දී වැඩිහිටියන් දෙදෙනෙකු සහ දැරියන් හතරදෙනෙකු මුහුදේ නෑමට ගොස් තිබෙනවා.  දිය නාමින් සිටි දැරියන් හතර දෙනා එකවර පැමිණි දිය වැලකට හසුව ඇත්තේ එම අවස්ථාවේ දීයි. දැරියන් හතරදෙනා දියවැල නිසා ගසා ගෙන යනවාත් සමඟම එක් වැඩිහිටියෙකු එය දැක කෑ ගසා තිබෙනවා. ඒ අවස්ථාවේ දී වෙරළ තීරයේ සිටි ධීවරයින් පිරිසක් දැරියන් බේරාගැනීමට උත්සාහ කර ඇති අතර බේරාගැනීමට හැකිවී ඇත්තේ දැරියන් දෙදෙනෙකු පමණයි. 

මල්වරටවියට පත් වයස අවුරුදු 14ක් වූ ඉමල්ෂා මල්ෂානි දැරිය සහ මෙවර අ.පො.ස උසස්පෙළ විභාගයට පෙනී සිටින 20 හැවිරිදි පී. සෙනුරි ඉමල්ෂා දැරිය  ඒ අයුරින් දිය වැලට හසුව ගසා ගෙන ගොස් තිබුණා. මියගිය සෙනුරි ඉමල්ෂා දැරිය අම්පේගම ජය උයන ප්‍රදේශයේ පදිංචි අතර ඇය ඇය අම්පේගම ශ්‍රී නන්දසාර මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන මෙවර උසස් පෙළ කලා අංශයෙන් විභාගයට පෙනී සිටීමට නියමිතව සිට තිබෙනවා. 

බේරාගත් දැරියන් දෙදෙනා ප්‍රථමාධාර ලබා දීමෙන් අනතුරුව වැලිගම වලාන රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව ඔවුන් මාතර මහ රෝහලට මාරුකර යවනු ලැබුවා. 

දැරියන් බේරාගැනීමට ඉදිරිපත් වූ ධීවරයෙක් පැවසුවේ ඒ අවස්ථාවේ දී රළ පහර ඉතා සැර නිසා දරුවන් බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවයි. ඔවුන් පවසන්නේ මෙම ස්ථානයේ මෙලෙස ජීවිත හානි සිදුවීම් ගණනනාවක් වන බවත් අනතුරු ඇඟවීම් නිවේදන සහ ජීවිත ආරක්ෂක කණ්ඩායම් මෙම ස්ථානයට යෙදවීමට කටයුතු කිරීම ඉතා වැදගත් බවත් ය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu