gossiplanka alexa මුහුදු පතුලේ පුපුරා ගිය ගිනි කන්ද නිසා තවත් රටවල් ‍රැසකට සුනාමි අනතුරු ඇඟවීම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුහුදු පතුලේ පුපුරා ගිය ගිනි කන්ද නිසා තවත් රටවල් ‍රැසකට සුනාමි අනතුරු ඇඟවීම්

දකුණු පැසි‍ෆික් සාගරයේ දිය යට පිහිටි ගිනි කන්දක් පුපුරා යාන නිසා රටවල් ගණනාවකට සුනාමි අනතුරු ඇඟවීම් ඊයේ (15) දිනයේ දී නිකුත් කර තිබුණා. ගිනි කන්ද පිහිටා ඇත්තේ ටොංගා හි ෆොනුවාෆෝ දූපතේ සිට කිලෝමීටර් 30 ක් (සැතපුම් 18.6) පමණ ගිනිකොණ දෙසින්ය. ටොංගා සහ සැමෝවා දූපත්,  නවසීලන්තයේ උතුරු සහ නැගෙනහිර වෙරළ කළාපයට, ඕස්ට්‍රේලියාව වැනි රටවලට මෙසේ සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළා. එසේම ඇමරිකාවේ බටහිර වෙරළ කලාපයට සහ ඇලෙස්කාවට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළා.

ගිනි කන්ද පිපිරීමත් සමඟම රිච්ටර් මාපක 7.4ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් ඇති වී තිබුණා. එම භූ කම්පනය හේතුවෙන් ටෝංගෝ දූපත්වල විශාලම දූපත වන Tongatapu වෙතට අඩි 4ක පමණ උසකින් යුතුව සුනාමි රළ පහරක් එල්ල වී තිබෙනවා. මේ වන විට ටෝංගෝ වැසියන් ආරක්ෂිත ස්ථාන වෙත පිටත්ව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

ගිනි කන්දේ ධුලි අංශු කිලෝමීටර් 20ක් තරම් ඉහළ අහසට නැගී තිබූ අතර ටොංගෝහි අගනුවර වන නුකුඅලෝෆා වලට ගිනි කන්දෙන් නික්මුණු අළු වැටෙමින් පැවති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. 

මේ අතර ජපන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද අද (16) උදෑසන සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ජපානයේ අමාමි දූපතට සහ කගෝෂිමා ප්‍රාන්තයේ ටෝකාරා දූපත් දාමයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර පැසිෆික් සාගරයට මුහුණ ලා සිටින සියලුම වෙරළබඩ ප්‍රදේශ සඳහා සුනාමි අවදානමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජපානයේ ඊසාන දිග ප්‍රාන්තයට ද මීටර් 2.7ක් උසට සුනාමි රළ පැමිණ ඇති අතර තවත් බොහෝ ස්ථානවලට කුඩා සුනාමි රළ පැමිණ ඇති බවයි සඳහන් වන්නේ. තව දුරටත් සුනාමි රළ බලාපොරොත්තුවිය හැකි බවයි වාර්තා වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu