gossiplanka alexa බුද්ධි අංශ තොරතුරු මත සුසිල් ප්‍රේමජයන්ත ඉවත් කලා ද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බුද්ධි අංශ තොරතුරු මත සුසිල් ප්‍රේමජයන්ත ඉවත් කලා ද ?

ආණ්ඩුව පිළිබඳව සහ විකල්ප ආණ්ඩු තැනීම පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවයට ලැබුණු සමහර තොරතුරුවල අවසන් ප්‍රතිපලයක් ලෙස සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු සිදු වුණා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරරච්චි පවසා තිබෙනවා. සුසිල් ප්‍රේමජයන්ත දෙල්කඳ පොළේ දී කල ප්‍රකාශය පමණක් ඔහුව ධූරයෙන් ඉවත් කිරීමට හේතුවක් නොවන බවත් ඒ හා බැදුණු කරුණු රාශියක් ඇති බවත් තිස්ස කුට්ටි ආරච්චි පවසා තිබෙනවා. 

කවුරුන් හෝ වේවා ආණ්ඩුව ඇතුළේ සිට ආණ්ඩුව විවේචනය කරනවා නම් ඔහු හෝ ඇය ඉවත් කල යුතු බව ඔහු පවසනවා. එසේම ආරම්භයක් ලෙස සුසිල් ප්‍රේමජයන්ත  පළමුවැනි බිල්ල බවට පත් වූ බවත් ඉදිරියේ දී කවුරුන් විය හැකිද යන්න නොදන්නා නිසා කටවල් පරිස්සම් කරගෙන ආණ්ඩුවේ විවේචන ආණ්ඩුව තුළ පමණක් සිදු කරන ලෙසත් ඔහු පවසා තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කර ඇති සුසිල් ප්‍රේමජයන්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයා,

"තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා කරන්නේ ඉතාම බරපතළ ප්‍රකාශයක්. අපේ පස්සේ බුද්ධි අංශය යන්න ඕනෑ නෑ. අපි කියන දේ එළිපිට කියනවා. ඉතිහාසයේ කවදාවත් අපි කුමන්ත්‍රණය කරපු මිනිස්සු නෙමේ. මෙතැන බරපතළ වන්නේ තිස්ස කුට්ටිආරච්චි වගේ කෙනෙකුට බුද්ධි අංශ තොරතුරු ගියේ කොහොමද කියන එක. රජයේ ප්‍රධානීන් මේ ගැන අවධානය යොමු කරන්න ඕනෑ. 

පළමුවෙනි වතාවට පාර්ලිමේන්තුවට ආව මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවත් රටේ දේශපාලනය ගැනවත්, අපේ දේශපාලන ඉතිහාසය ගැනවත් නොදැන බුද්ධි අංශ තොරතුරුක් මත මෙය සිද්ධවනවා යැයි ප්‍රකාශ කිරීම බරපතල කාරණයක්. මෙම ප්‍රකාශය පිළිබඳව පරීක්ෂණයක් සිදු කල යුතුයි"

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu