gossiplanka alexa ගෑස් අර්බුදයක් නිසා ආණ්ඩුවක් ඉල්ලා අස්වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෑස් අර්බුදයක් නිසා ආණ්ඩුවක් ඉල්ලා අස්වෙයි

නව වසර උදාවත් සමඟම ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සඳහා මිල පාලනය ඉවත් කිරීමට එරට රජය තීරණය කිරීමත් සමඟම කසකස්තානයේ මාරාන්තික නොසන්සුන්තාවයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කලා. ඉතා අඩු මිලට ගෑස් පැවතීම නිසා එරට බොහෝ මෝටර් රථ හිමියන් තම වාහන ගෑස් භාවිතා කල හැකි පරිදි සකස් කරගෙන තිබුණා. මේ හේතුවෙන් ඇති වූ උද්ඝෝෂණ මේ වන විට දේශපාලන පෙරළියක් දක්වා පරිවර්තනය  වී තිබෙනවා. 

මහජන කැලඹීම් නිසා කසකස්තාන ආණ්ඩුව ඉල්ලා අස් වූ අතර එරට ජනාධිපතිවරයා විසින් එය භාරගනු ලැබුවා. ඒ අනුව මහජන කැරලි මැඬපැවැත්වීමට කසකස්තාන් ජනාධිපතිවරයා රුසියාවෙන් සහාය පැතුවා. එම ඉල්ලීමට අනුව කස්කස්තානයේ ඇති වී තිබෙන මාරාන්තික නොසන්සුන්තාව මර්දනය කිරීම සඳහා රුසියාව විසින් භට කණ්ඩායමක් කසකස්තානයට යැවීමට කටයුතු කලා. එම භට කණ්ඩායම කසකස්තානයේ ප්‍රධාන නගරය වන අල්මාට් හිදී දියත් කල මර්දන ක්‍රියාන්විතයේ දී රාජ්‍ය විරෝධී කැරලිකරුවන් පිරිසක් මරණයට පත් වී ඇති අතර බොහෝ පිරිසක් තුවාල ලබා තිබෙන අතර කැරලිකරුවන් නගරයේ පොලිස් ස්ථානය ද අත්පත්කරගෙන ඇති බව සඳහන්.

මෙම කැරලි පි‍ටුපස විදේශ පුහුණුව ලත් ත්‍රස්තවාදීන් සිටින බවට චෝදනා කරන කසකස්තාන් ජනාධිපතිවරයා ඇඳිරි නීතිය සහ මහජන ‍රැස්වීම් තහනම් කිරීම ඇතුළුව රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා. 

ප්‍රධාන නගරයේ පරිපාලන ගොඩනැඟිලි තුනක ප්‍රති ත්‍රස්ත මෙහෙයුමක් ක්‍රියාත්මක වන බැවින් තාවකාලිකව තම නිවෙස් තුළම ‍රැඳී සිටීමට එරට මහජනතාවට පොලීසිය විසින් දන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu