gossiplanka alexa ලොව ප්‍රමුඛ මෝටර් වාහන සමාගමකට ලංකාවෙන් අමතර කොටස්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලොව ප්‍රමුඛ මෝටර් වාහන සමාගමකට ලංකාවෙන් අමතර කොටස්

වසර 9ක් පුරා ලොව ප්‍රමුඛ සන්නාමයන් සහිත මෝටර් වාහන සඳහා අවශ්‍ය කරන රබර් ආශ්‍රිත අමතර කොටස් දේශීයව නිෂ්පාදනය කරන දේශීය ව්‍යවසායකයෙක් සිය ව්‍යාපාරය පුළුල් කරගැනීම වෙනුවෙන් සහාය බලාපොරොත්තුවෙන් කර්මාන්ත අමාත්‍යවරයා මුණගැසීමෙන් පසු ඔහුට අවශ්‍ය උපරිම සහය ලබාදීමට අමාත්‍යවරයා  පියවර ගනු  ලැබුවා.

ඒකනායක මෝටර් ඉන්ඩ්‍රස්ට්‍රීස් නමින් කැස්බෑව ප්‍රදේශයේ දැනට පවත්වාගෙන යන මෙම ආයතනය මගින් ලොව ප්‍රමුඛ සන්නාම සහිත මෝටර් වාහන සඳහා යොදා ගන්නා රබර් ආශ්‍රිත අමතර කොටස් නිෂ්පාදනය කරනු ලබන අතර ඒවාට අධික ඉල්ලුමක් ද පවතින බව එහි හිමිකරු සංජීව ඒකනායක මහතා පවසනවා.

දැනට තම නිවසේ යන්ත්‍ර කිහිපයක් පමණක් යොදා ගනිමින් පවත්වාගෙන යන මෙම ව්‍යාපාරය ඉල්ලුමට අවශ්‍ය සැපයුම ලබාදීමට හැකි පරිදි තවදුරටත් පුළුල් කිරීමට  අවශ්‍ය ඉඩ පහසුකම් සලසා ගැනීම, යන්ත්‍රසුත්‍ර පහසුකම් සලසා ගැනීම ඇතුළු ගැටළු විසඳා ගනිමින් ඉදිරියට යාමට කර්මාන්ත අමාත්‍යවරයාගේ සහය ඉල්ලා සිටි අතර අමාත්‍යවරයා ඒ මොහොතේම ඔහුට අදාළ ආයතන සහ නිලධාරීන් සම්බන්ධ කර දී එම නිෂ්පාදකයාට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීමට ඉදිරියේදී සුදානම් බව කියා සිටියා.

spare parts srilanka industry

spare parts srilanka industry

spare parts srilanka industry

spare parts srilanka industry

spare parts srilanka industry

මේ අතර "විදේශ සංචිත පිළිබඳ ගැටළුවට එකම විසඳුම ආනයන ආදේශන කර්මාන්ත ඇති කිරීම සහ විදේශ වෙළෙඳපොළ ජය ගත හැකි කර්මාන්තකරුවන් මේ භූමිය මත නිර්මාණය කිරීම බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසනවා. 

"2022 වසර සුබ නව වසරක් වීමට නම් අපේ රටේ මිනිස්සු මේ විදිහට වැඩිවැඩියෙන් නව කර්මාන්ත අරඹන වසරක් විය යුතුයි. නව කර්මාන්තකරුවෙකු ලෙස ඔබ තමන්ට හිමි ඉඩමට අදාළ හිමිකම් සහතිකය ලබා ගැනීමට වේදිකාවට එන විට අප සියලුදෙනා අත්පොළසන් දෙනු ලැබූයේ වෙන කිසි හේතුවක් නිසා නොවෙයි, 'රැකියා සොයා එන්නවුන් අතර රැකියා උපද්දවන්නවුන්'ලෙස අප ඔබව තේරුම්ගෙන ඇති නිසයි. අද මේ රටට අවශ්‍ය වන්නේ රැකියා සොයා එන්නවුන් නොවෙයි, රැකියා උත්පාදනය කිරීමට හැකි අය. එහෙම වුණොත් විතරයි අපි අද රටක් විදිහට මුහුණ දී සිටින ආර්ථික, සමාජීය අභියෝගවලට උත්තර සොයන්න පුළුවන් වන්නේ. 

කර්මාන්ත අමාත්‍යංශය සතු කර්මාන්තපුරවලින් කර්මාන්තකරුවන් සඳහා වැඩිම ඉඩම් කොටස් ප්‍රමාණයක් ලබාදුන් වසර, 2021 වසර බව මීට ඉහත දී ප්‍රකාශ කෙරුණා. එසේ වීමට ප්‍රධාන හේතුව ලෙස අප හිතන්නේ, අමාත්‍යවරයා ලෙස අප විසින් අදාළ නිලධාරීන්ට අනවශ්‍ය බලපෑම් නොකිරීම සහ අදාළ නිලධාරීන් ඉතා උනන්දුවෙන් තමන්ට ලැබුණු ඉල්ලුම්පත්‍ර අනුව සුදුස්සන් තෝරා නිර්දේශ කොට එවීම කාර්යක්ෂමව සිදු කිරීමයි. ඒ අනුව ඉදිරියට යමින් 2022 වසරේ දී, කර්මාන්තපුරයන්හි ඉඩම් ඉල්ලා ඇති පිරිසට පමණක් නොවෙයි තවත් විශාල ආයෝජකයන් පිරිසකට නව කර්මාන්ත ඇරඹීම සඳහා ඉඩම් ලබාදීමට අපට අවස්ථාව උදා වී තිබෙනවා. විශේෂයෙන් මෙවර අය වැයෙන් නව කර්මාන්තපුරයන් ඇරඹීම සඳහා ලබාදී ඇති රුපියල් මිලියන 5000ක මුදල ද ඉතා කාර්යක්ෂමව යොදා ගනිමින් අපට මෙම වසරේ දී පෙර නොවූ විරූ ඉලක්කයක් සපුරා ගැනීමට හැකි වේවි.

පවතින කර්මාන්තපුරවලින් අක්කර 39කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් අප ඔබ වෙත ලබා දී තිබෙනවා. ආයෝජකයන් ලෙස ඔබ මෙහිදී සිදු කරනු ලබන සමස්ත ආයෝජනය රුපියල් මිලියන 5330කට අධිකයි. රුපියල් මිලියන 5330ක් ඔබ ආයෝජනය කළ විට එය මේ සමාජයේ විවිධ කොටස් වෙත බෙදී යනවා.  ඒ වගේම ඔබගේ ආයෝජනයන් මගින් ජනිත වන නව සෘජු රැකියා ප්‍රමාණය 3200කට වැඩියි. මේ විදිහට කටයුතු කිරීමෙන් තමයි රටක ආර්ථිකයක ඇත්ත සංවර්ධනයක් සිදු වන්නේ. 

'මුදල් අච්චු ගැහුවාට ප්‍රශ්නයක් නැද්ද?'

මට මතකයි, ඇමරිකා එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපතිවරයා, ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග වදින සමයේ ඔහුගේ ආර්ථික උපදේශකයෙකු ලෙස කටයුතු කළ තැනැත්තෙකු, ඔහු වෙනුවෙන් අදහස් දක්වමින්, රූපවාහිනි නාලිකාවන් සමඟ පැවැති සංවාදයකදී පැවසුවා, 'මුදල් අච්චු ගැහුවාට ප්‍රශ්නයක් නැහැ. ඒ මුදල් රටේ එදිනෙදා වියදම්වලට යෙදවීමයි අවුල. අච්චු ගහන මුදල් වුවත් කර්මාන්ත වැනි දේවල් සඳහා ආයෝජනය කළොත් එමගින් නැවත මුදල් උපද්දවන්න පුළුවන්.' කියා. මුදල් අච්චු ගැසීම පිළිබඳව සාම්ප්‍රදායිකව ආර්ථික විද්‍යාවේ තිබෙන මතය වෙනස් කරමින් තමයි ඔහු එම අදහස් දැක්වූයේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu